
ඉදිරියේදී ගෝලීය උෂ්ණත්වය මින් පෙර ඇස්තමේන්තු කළ අගයට වඩා විශාල අගයකින් ඉහළ යා හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
ගෝලීය උෂ්ණත්වය කාර්මික විප්ලවයට පෙර පැවති අගයට වඩා මෙම සියවස මැද භාගය වන විට සෙල්සියස් අංශක 1යි දශම 7 සිට 1යි දශම 8 දක්වා ප්රමාණයකින් ඉහළ යා හැකි බව එම සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙයි.
ඒ අනුව පුනර්ජනනීය බලශක්ති භාවිතය ඉහළ නැවීම සහ හරිතාගාර වායු විමෝචනය උපරිමයෙන් අවම කිරීම යන පියවර අනුගමනය කළ යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නවතම වාර්තාවට අනුව ගෝලීය උණුසුම පාලනය කිරීමට නම් 2030 වසරේදී හරිතාගාර වායු විමෝචනය සියයට 18ක ප්රතිශතයකින් අඩු කළ යුතු අතර 2035 වසර වන විට එම අගය සියයට 45ක් දක්වා සහ 2040 වසර වන විට සියයට 69ක ප්රතිශතයක් දක්වා එය ඉහළ නැංවිය යුතු වෙයි.
මීට අමතරව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නවතම වාර්තාවට අනුව 2100 වර්ෂය වන විට ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 2යි දශම 8කින් ඉහළ යනු ඇති බව ද සඳහන් වෙයි.


















































