
පාර්ලිමේන්තුව අද (20) සිට ලබන 23 වන දින දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේය.
අද දිනයේ දී විපක්ෂය විසින් ගෙනඑනු ලබන සභාව කල්තැබීමේ යෝජනාවට අදාළ විවාදය පැවැත්වීමට නියමිත අතර හෙට (21) දිනයේ දී රාජ්ය ණය කළමනාකරණ පනත යටතේ යෝජනා සම්මතය සහ පරිපූරක ඇස්තමේන්තුවක් අනුමැතිය සඳහා විවාදයට ගැනීමට නියමිතය.
ඒ අනුව රට තුළ පවතින වර්තමාන තත්ත්වය පිළිබදව අද දිනයේ දී විපක්ෂය විසින් සභාව කල් තැබීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව විපක්ෂයේ ප්රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේය.
එමෙන්ම ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් ගැටලු පවතින බව පාර්ලිමේන්තු මන්ත්රී මුජිබර් රහුමාන් මහතා පැවසිය.
මේ අතර, ලබන බ්රහස්පතින්දා දිනයේ විෂ වර්ග අබිං සහ අන්තරායදායක ඹෟෂධ වර්ග සංශෝධන පනත් කෙටුම්පත් දෙක දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය.
සිකුරාදා දිනයේ ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සුනඛයින් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේය.



















































