
වැල්ලව, හදිරවලාන දුම්රිය හරස් මාර්ගයේදී සිදුවූ අනතුරකින් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
කොළඹ කොටුවේ සිට තලෛමන්නාරම දක්වා ධාවනය වූ දුම්රියක, යතුරුපැදියක් ගැටීමෙන් ඊයේ (19) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් මියගොස් ඇත්තේ වැල්ලව ප්රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 18 සහ 26 යන වයස්වල පසුවූ තරුණයින් දෙදෙනෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



















































