
ජාතික WATER POLO තරගාවලියේ සමස්ත ශූරතාවය දිනාගැනීමට ශ්රී ලංකා ගුවන් හමුදාව සමත්විය.
මෙම තරගාවලිය රත්මලාන ගුවන් හමුදා පිහිනුම් තටාක අංගනයේදී ඊයේ (18) කණ්ඩායම් රැසකගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.
මෙහිදී අවසාන මහා තරගය ශ්රී ලංකා ගුවන් හමුදාව සහ රාජකීය විද්යාලයීය යුනියන් ජල ක්රීඩා සමාජ කණ්ඩායම අතර පැවති අතර, එහිදී ලකුණු 13ට 11 ක් ලෙස සමස්ත පිරිමි ශූරතාව දිනාගැනීමට ශ්රී ලංකා ගුවන් හමුදා WATER POLO කණ්ඩායම සමත් විය.
මෙම තරගාවලියේ සම්මාන සහ සහතික පත් ප්රදානෝත්සවය සිදු කරනු ලැබුවේ, ශ්රී ලංකා ගුවන් හමුදාවේ සාමාන්ය ඉංජිනේරු අධ්යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාෂල් ප්රසංක මාටිනෝ මහතාගේ ප්රධානත්වයෙනි.
මෙම අවස්ථාව සඳහා ත්රිවිධ හමුදා නිලධාරීන් ඇතුළු ක්රීඩක ක්රීඩිකාවන් පිරිසක් සහභාගී විය.



















































