
පෙනහළු සැත්කමකට භාජනය කිරීමෙන් පසු, 14 වන ලියෝ පාප් වහන්සේ රෝහලේ සිට දිව්ය පූජාවක් පවත්වන ආකාරය දැක්වෙන ඡායාරූප වතිකානය විසින් පළමු වරට නිකුත් කර තිබේ.
විදෙස් වාර්තා සඳහන් කළේ 71 හැවිරිදි පාප් වහන්සේ රෝමයේ ජෙමෙල්ලි රෝහලේදී අඟහරුවාදා පස්වරුවේ පෙනහළු සැත්කමකට භාජනය කළ බවය.
එම සැත්කම සාර්ථකව සිදුකළ බව සහ කිසිදු සංකූලතාවක් ඇති නොවූ බව ද වතිකානය මීට පෙර සඳහන් කර තිබුණි.
රෝහලේ දහවැනි මහලේ තාවකාලිකව සකස් කළ පීඨිකාවක සිට පාප් වහන්සේ දිව්ය පූජාව පවත්වන ආකාරය මෙසෙල නිකුත් කළ ඡායාරූපවල සඳහන්.
එහිදී රෝහලේ වෛද්යවරුන් සහ හෙද කාර්ය මණ්ඩලය සමග එක්ව දිව්ය පූජාව පැවැත්වූ පාප් වහන්සේ, ඔවුන්ගේ සේවය වෙනුවෙන් ස්තුතිය පළ කර ඇත.



















































