header logo
Vallibel FD
Valible Le
වෙනත් පුවත්
ජාතික ආරක්ෂක අභියෝගවලට මුහුණ දීමට වෘත්තීය විශිෂ්ටත්වය අත්‍යවශ්‍යයි - ආරක්ෂක ලේකම්
ජාතික ආරක්ෂක අභියෝගවලට මුහුණ දීමට වෘත්තීය විශිෂ්ටත්වය අත්‍යවශ්‍යයි - ආරක්ෂක ලේකම්
Mobitel 1278

අධිකාරියට පත්වීම යනු ගැඹුරු වගකීමක් මෙන්ම නිලධාරීන් කෙරෙහි තබා ඇති විශ්වාසය ද පිළිබිඹු කරන සුවිශේෂී අවස්ථාවක් බව නව නිලධාරීන් අමතමින් ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයිය කොන්තා (විශ්‍රාමික) මහතා අවධාරණය කරයි.

ඊයේ (16) ත්‍රිකුණාමලය, චීන වරාය පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යා පීඨයේ දී නව ගුවන් හමුදා නිලධාරීන්ගේ විසිරයාමේ පෙළපාළිය සඳහා පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එම අවස්ථාවට පැමිණි ආරක්‍ෂක ලේකම්වරයා ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨයේ පීඨාධිපති එයාර් වයිස් මාර්ෂල් ඩබ්ලිව්.පී. ඒ. එච්. පෙරේරා විසින් පිළිගනු ලැබීය.

මෙම විසිරයාමේ උත්සවයේදී කෙඩෙට් නිලධාරීන් 29 දෙනෙකු සහ කෙඩෙට් නිලධාරිනියන් 14 දෙනෙකු ඇතුළුව කෙඩෙට් නිලධාරීන් 43 දෙනෙකු අධිකාරියට පත්වෙමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අධිකාරි ලත් නිලධාරීන් සහ නිලධාරීනියන් ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරමින් මාතෘ භූමියේ සේවය සඳහා එක්වීම සනිටුහන් විය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය පැවති සමයේ තමන් අධිකාරියට පත් වූ අත්දැකීමද සිහිපත් කරමින් ඒ මහතා නව නිලධාරීන් හමුවේ පැවසුවේ, තම පවුලේ සාමාජිකයින් සහ ආදරණීයයන් ඉදිරියේ උත්කර්ශවත් විසිරයාමේ පෙළපාළියකින් අධිකාරියට පත්වීමේ අවස්ථාව හිමිවීම එම නිලධාරීන්ට හිමි වූ භාග්‍යයක් බවය.

එමෙන්ම වෙනස් වෙමින් පවතින ජාතික ආරක්ෂක අභියෝග වලට සාර්ථකව මුහුණ දීම සඳහා වෘත්තීය විශිෂ්ටත්වය, අඛණ්ඩ ඉගෙනීම, තාක්ෂණික වෙනස්කම්වලට අනුර්වර්තනය වීමේ හැකියාව, අවංක භාවය, සදාචාරාත්මක බව සහ ධෛර්යය අත්‍යවශ්‍ය බව ද ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දුන්නේය.

ආපදා අවස්ථා වලදී ගුවන් හමුදාව ඉටුකරන වැදගත් කාර්යභාරය ද අවධාරණය කළ ඔහු, සිය වෘත්තීය ජීවිතය පුරා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ නීතියේ ආධිපත්‍යයට ගරු කරමින් ඉහළම වෘත්තීය හැසිරීම් ප්‍රමිතීන් ආරක්ෂා කරන ලෙස නව නිලධාරීන්ගෙන් ඉල් සිටියේය.

මෙම විසිරයාමේ පෙළපාළිය මගින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 65 වන, 67 වන සහ 69 වන පාඨමාලා මෙන්ම 21 වන කාන්තා පාඨමාලාවට අයත් කෙඩෙට් නිලධාරීන් ද, ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ (KDU) 37 වන, 39 වන සහ 40 වන පාඨමාලාවන්ට අයත් කෙඩෙට් නිලධාරීන් ද පුහුණුව සාර්ථකව අවසන් කිරීම සනිටුහන් විය.

මෙම අවස්ථාවට හිටපු ගුවන් හමුදාපතිවරුන්, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානි, ගුවන් හමුදා කළමනා කරණ මණ්ඩලයේ සාමාජිකයින්, රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයින්, ආරාධිත අමුත්තන්, අධිකාරියට පත් වූ නව නිලධාරීන්ගේ දෙමාපියන් සහ පවුලේ සාමාජිකයින් මෙන්ම ගුවන් හමුදා සාමාජිකයින් විශාල පිරිසක් ද සහභාගී වූහ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 "අධිකරණයෙන්ම තමා උපදෙස් ගන්න වෙන්නේ''ඥානසාර හිමි නිසා උණුසුම් වුණු දේශපාලන වේදිකාව..

"අධිකරණයෙන්ම තමා උපදෙස් ගන්න වෙන්නේ''ඥානසාර හිමි නිසා උණුසුම් වුණු දේශපාලන වේදිකාව..

 දිගාමඩුලු භික්ෂු එකමුතුවත් ඥානසාර හිමි වෙනුවෙන් ''මම කිව්වා ඔක්කොටම වව්නියාවට යන්න කියලා''

දිගාමඩුලු භික්ෂු එකමුතුවත් ඥානසාර හිමි වෙනුවෙන් ''මම කිව්වා ඔක්කොටම වව්නියාවට යන්න කියලා''

ඥානසාර හිමිට නිදහස ලැබෙයිද ? "නීතිය නවන එක ජනතාව මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්නේ නෑ"

ඥානසාර හිමිට නිදහස ලැබෙයිද ? "නීතිය නවන එක ජනතාව මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්නේ නෑ"

 උසාවි ගියාම වෙච්ච දේ කිව්ව කස්සප හිමි.. - "දැන් රෑ වෙනවා..යන්න තැනක් නෑ"

උසාවි ගියාම වෙච්ච දේ කිව්ව කස්සප හිමි.. - "දැන් රෑ වෙනවා..යන්න තැනක් නෑ"

 "පාගමනින් වැඩිය ස්වාමීන් වහන්සේලාගේ ඉල්ලීම ඉෂ්ට කරන්න බෑ"

"පාගමනින් වැඩිය ස්වාමීන් වහන්සේලාගේ ඉල්ලීම ඉෂ්ට කරන්න බෑ"

එක්නැලිගොඩ නඩුවට සලේ අධිකරණයට

එක්නැලිගොඩ නඩුවට සලේ අධිකරණයට

 "ඥානසාර හිමි නිදහස් කිරීමේ බලතල බන්ධනාගාර කොමසාරිස්ට නැහැ"බන්ධනාගාර ප්‍රකාශක කියයි

"ඥානසාර හිමි නිදහස් කිරීමේ බලතල බන්ධනාගාර කොමසාරිස්ට නැහැ"බන්ධනාගාර ප්‍රකාශක කියයි

 නව නීති ගැන කරුණු කියන්නබන්ධනාගාර උසස් නිලධාරීන් මල්වතු මහා විහාරයට..."එක තීරණයකට එන්න..."

නව නීති ගැන කරුණු කියන්නබන්ධනාගාර උසස් නිලධාරීන් මල්වතු මහා විහාරයට..."එක තීරණයකට එන්න..."

 "අනං මනං කියලා හරියන්නෑ නිදහස් කරන්න...''බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට අස්ගිරි මහනාහිමි කියයි

"අනං මනං කියලා හරියන්නෑ නිදහස් කරන්න...''බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට අස්ගිරි මහනාහිමි කියයි

 විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලාට අධිකරණ නියෝගය කියවා භාර දෙයි

විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලාට අධිකරණ නියෝගය කියවා භාර දෙයි

 ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන ආ හැටි..

ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන ආ හැටි..

 ඥානසාර හිමි නිදහස් කරන තුරු කඳවුරු බැඳගත් හිමිවරු...

ඥානසාර හිමි නිදහස් කරන තුරු කඳවුරු බැඳගත් හිමිවරු...

 ජනාධිපති කාර්යාලය අසල රැස්ව සිටි පිරිසට පොලිසියෙන් අවසන් දැනුම්දීමක්

ජනාධිපති කාර්යාලය අසල රැස්ව සිටි පිරිසට පොලිසියෙන් අවසන් දැනුම්දීමක්

 සිරගෙට යන්න සූදානමින්චීවරයක් අතින් දරා නැගී සිටි කස්සප හිමි

සිරගෙට යන්න සූදානමින්චීවරයක් අතින් දරා නැගී සිටි කස්සප හිමි

ජනාධිපති කාර්යාලය අසල නොසන්සුන්තාව...නවතම දර්ශන

ජනාධිපති කාර්යාලය අසල නොසන්සුන්තාව...නවතම දර්ශන

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අද ලෝක ආහාර දිනය | බඩගින්න නැති හෙට දවසක් උදෙසා අස්වැන්නෙන් පිරුණු ලොවක් තනමු | Ada Derana

අද ලෝක ආහාර දිනය | බඩගින්න නැති හෙට දවසක් උදෙසා අස්වැන්නෙන් පිරුණු ලොවක් තනමු | Ada Derana

 පාගමනේ ආ හිමිවරු ජනපති කන්තෝරුව ළඟ රැය පහන් කරති | Ada Derana

පාගමනේ ආ හිමිවරු ජනපති කන්තෝරුව ළඟ රැය පහන් කරති | Ada Derana

 ඥානසාර හිමි නිදහස් කරන දිනය කියනතුරු සඟරුවන කොළඹ කඳවුරු බඳිති

ඥානසාර හිමි නිදහස් කරන දිනය කියනතුරු සඟරුවන කොළඹ කඳවුරු බඳිති

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

2030 වනවිට ඇඟලුම් අපනයන ආදායම අ.ඩො.බිලියන 3කින් ඉහළට

2030 වනවිට ඇඟලුම් අපනයන ආදායම අ.ඩො.බිලියන 3කින් ඉහළට

ගොඩ ගැසී ඇති නඩුවලින් 40,000ක්ම ස්ත්‍රී දූෂණ

ගොඩ ගැසී ඇති නඩුවලින් 40,000ක්ම ස්ත්‍රී දූෂණ

සමාජ මාධ්‍යයේ බොරු වපුරන අයට නීතිය තදින්

සමාජ මාධ්‍යයේ බොරු වපුරන අයට නීතිය තදින්

ශිරන්තිගේ ලෙඩ සොයන්න වෛද්‍ය මණ්ඩලයක්

ශිරන්තිගේ ලෙඩ සොයන්න වෛද්‍ය මණ්ඩලයක්

එයාර්බස් ගනුදෙනුව : නාමල්ට අධිචෝදනා

එයාර්බස් ගනුදෙනුව : නාමල්ට අධිචෝදනා

ටී ෂර්ට් සිද්ධිය : බැසිල් වහා අල්ලනු !

ටී ෂර්ට් සිද්ධිය : බැසිල් වහා අල්ලනු !

අවුරුදු 10කින් රට ගොඩදාන හැටි කියන ටී.බී."අරක මේක කරන්න කියනවා...ඔක්කෝම කරන්න බෑ"

අවුරුදු 10කින් රට ගොඩදාන හැටි කියන ටී.බී."අරක මේක කරන්න කියනවා...ඔක්කෝම කරන්න බෑ"

රට පුරා තැන තැන අදත් තද වැසි

රට පුරා තැන තැන අදත් තද වැසි

සිරකරු ඇඳුම ගැන කමිටුවක් පත්කිරීම ප්‍රශ්නය යට ගැසීමක් - එජාපය කියයි

සිරකරු ඇඳුම ගැන කමිටුවක් පත්කිරීම ප්‍රශ්නය යට ගැසීමක් - එජාපය කියයි

'සිවුරට යුක්තිය' - පා ගමන අද කොළඹට...

'සිවුරට යුක්තිය' - පා ගමන අද කොළඹට...