
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ වූ 'සිවුරට යුක්තිය - නිදහසේ පා ගමන' අද (15) අවසන් දිනයට කඩවතින් කොළඹ බලා ගමන් ආරම්භ කළේය.
පසුගිය 10 වැනි දින ඓතිහාසික දළදා මාළිගා පරිශ්රයෙන් ආරම්භ වූ පාගමන කඩුගන්නාව, කෑගල්ල, වරකාපොළ, නිට්ටඹුව යන නගර පසු කරමින් ඊයේ (14) දිනයේ කඩවත නගරයෙන් අවසන් වුණි.
ඒ අනුව අද උදෑසන මහ වැසි මැද මහ සඟරුවන කොළඹ බලා ගමන් කරනු ලබයි.




















































