
බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පාද යාත්‍රාව අද (12) තෙවන දිනට කෑගල්ලෙන් ආරම්භ කර තිබේ.
ඒ අනුව මෙම පාද යාත්‍රාව අද (12) දිනයේ වරකාපොළ නගරය දක්වා ගමන් කිරීමට නියමිතය.
‘සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව සහ නිදහසේ පාද යාත්‍රාව’ ලෙස නම් කර ඇති මෙම පාද යාත්‍රාව පෙරේදා (10) මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයෙන් ආරම්හ වූ අතර එය කඩුගන්නාව දක්වා ගමන් කිරීමෙන් අනතුරුව පළමු දිනය නිමා කර තිබුණි.
එමෙන්ම දෙවන දිනය ලෙස ඊයේ (11) දිනයේදී කඩුගන්නාවෙන් ආරම්භ වූ පාද යාත්‍රාව කෑගල්ල දක්වා ගමන් කළේය.
මෙම පාද යාත්‍රාව වරකාපොළ, නිට්ටඹුව සහ කඩවත යන නගර පසුකරමින් ලබන 15 වනදා වන විට කොළඹට ළඟා වීමට නියමිතය.


























































