
බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (11) දෙවන දිනටත් පැවැත්වේ.
සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව සහ නිදහසේ පාද යාත්‍රාව ඊයේ (10) උදෑසන මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව අභියසින් ආරම්භ විය.
කඩුගන්නාව ප්‍රදේශයෙන් පා ගමනේ පළමු දිනය ඊයේ පස්වරුවේ අවසන් කෙරුණු අතර එය අද දිනයේ කඩුගන්නාවේ සිට ගමන් ආරම්භ කිරීමට නියමිතය.
පාගමන කෑගල්ල, වරකාපොල, නිට්ටඹුව, කඩවත යන නගර පසු කරමින් එළැඹෙන 15 වැනි දින කොළඹට ළගා වීමට නියමිත බවද පූජ්‍ය උලපනේ සුමංගල හිමි පැවසීය.






















































