
අහුංගල්ල, වැලිකන්ද ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ ඝාතනය සම්බන්ධයෙන් අහුංගල්ල පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබුණි අතර, ඒ අනුව ඊයේ (07) සවස අදාළ පුද්ගලයාව වැලිකන්ද ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සම්බන්ධව සිදුකළ විමර්ශනයේ දී සැකකරු පදිංචි නිවසේ වළ දමා තිබු විදෙස් රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් විමර්ශන නිලධාරින් විසින් සොයාගෙන තිබේ.
සැකකරු අවුරුදු 28ක් වන වැලිකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අහුංගල්ල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.






















































