
සෞදි අරාබියේ අභා (Abha) සහ කිං කාහ්ලිඩ් (King Khalid) ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත එල්ල වූ ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 36 දෙනෙකු තුවාල ලබා ඇති බව සෞදි සිවිල් ගුවන් සේවා සාමාන්‍ය අධිකාරිය නිවේදනය කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, මෙම ප්‍රහාර එල්ල කර ඇත්තේ යේමනයේ හූති කැරළිකරුවන් විසින් වන අතර, ඉන් අභා ජාත්‍යන්තර ගුවන් තොටුපළට එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් 28 දෙනෙකු තුවාල ලබා ඇත.
එසේම, රියාද් අගනුවර පිහිටි කිං කාහ්ලිඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළට එල්ල වූ ප්‍රහාරයෙන් තවත් අයෙකු මියගොස් 8 දෙනෙකු තුවාල ලබා තිබේ.
තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා රෝහල් වෙත යොමු කර ඇති අතර, ගුවන්තොටුපළ පහසුකම්වල ආරක්ෂාව තහවුරු කිරීමට සහ මගීන්ගේ සුරක්ෂිතතාව වෙනුවෙන් අවශ්‍ය සියලු පියවර අදාළ අංශ සමඟ ඒකාබද්ධව ගනිමින් සිටින බව සෞදි බලධාරීන් පවසයි.





















































