
දෙමටගොඩ පොලිස් වසමේ හාලිපුල්ල වත්ත ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත ඊයේ (06) රාත්‍රියේ මෙම වැටලීම සිදුකර තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 19ක් වන කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.





















































