
බගවන්තලාව නගරයේ බ්‍රිඩ්වෙල් වීදියේ පිහිටි මත්ස්‍ය වෙළෙඳසැලක අද (06) මධ්‍යම රාත්‍රීයේ හදිසි ගින්නක් හටගෙන තිබේ.
ගින්නෙන් එකී මත්ස්‍ය වෙළෙඳසැල සහ එහි තිබූ සියලු බඩු බාහිරාදිය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව බගවන්තලාව පොලීසිය පවසයි.
ගින්න සෙසු ප්‍රදේශවලට පැතිර යාම පාලනය කිරීමට යාමේදී ඊට යාබදව පිහිටි තවත් වෙළෙඳසැලකට සහ නිවසකට අර්ධ වශයෙන් හානි සිදු වී ඇත.
බගවන්තලාව පොලීසිය, ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව සහ ප්‍රදේශවාසීන් එක්ව දැඩි වෙහෙසක් දරා ගින්න පාලනය කිරීමට කටයුතු කිරීම නිසා විශාල විනාශයක් වැළකී ගොස් තිබේ.
අනතුරින් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැති අතර ගින්න හට ගැනීමට හේතුව හෝ සිදුවූ දේපළ අලාභයේ වටිනාකම මෙතෙක් තහවුරු වී නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් බගවන්තලාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.





















































