
අඟුලාන, මෝදරවත්ත සුසාන භූමිය අසල කැලිකසළ එක්රැස් කරන ස්ථානයක තිබී ජීව අත්බෝම්බ 02ක් සහ පතොරොම් තොගයක් අඩංගු බෑගයක් සොයාගැනීමට අඟුලාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සමත්ව තිබේ.
අඟුලාන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් රාත්‍රී සංචාරක සේවයේ යෙදී සිටියදී මෙම සැකකටයුතු බෑගය නිරීක්ෂණය වී ඇති අතර, එය පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී මෙම තොගය හමුවී ඇත.
ජීව අත්බෝම්බ දෙකට අමතරව කුඩා පතොරොම් 25ක් සහ AK-47 ගිනිඅවිය සඳහා භාවිත කරන පතොරොමක් සොයාගෙන තිබේ.
මෙම අත්බෝම්බ සහ පතොරොම් තොගය අදාළ ස්ථානයට ගෙනැවිත් දැමූ තැනැත්තා හෝ පාර්ශවය පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැත.
අඟුලාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බණ්ඩාර මහතාගේ උපදෙස් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.





















































