
කෑගල්ල ප්‍රදේශයේදී ඊයේ (18) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා කෑගල්ල රෝහලට ඇතුළත් කර තිබේ.
වායු රයිෆල් වර්ගයේ අවියකින් හෝටලයක් තුළ අදාළ වෙඩිතැබීම සිදුකර ඇති බවද සඳහන්ය.
අදාළ හෝටලයට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු සහ සේවකයින් අතර ඇතිවූ බහින්බස්වීමක් හේතුවෙන් හෝටල් සේවකයෙකු එම වෙඩිතැබීම සිදුකර ඇති බවද වැඩිදුරටත් වාර්තා වෙයි.
















































