
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු බව පැවසෙන දෙදෙනෙකුගේ වත්කම් තහනම් කිරීමට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන තිබේ.
ඒ අනුව එක් ජාවාරම්කරුවෙකුගේ ඇඹිලිපිටිය කාන්තිස්සපුර ප්‍රදේශයේ පිහිටි අක්කර එකකට ආසන්න ඉඩමක් සහ තෙමහල් නිවසක පරිහරණය තහනම් කර ඇති අතර එහි වටිනාකම රුපියල් කෝටි 7කට ආසන්න බවද වාර්තා වේ.
තවද ඇඹිලිපිටිය නව නගරය ප්‍රදේශයේ පිහිටි අනෙක් ජාවාරම්කරුගේ පර්චස් 23.7ක ඉඩම සහ තෙමහල් නිවස ද පරිහරණය තහනම් කිරීමට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන ඇත.
පොලීසිය පැවසුවේ මෙම ජාවාරම්කරුවන් මෙම වත්කම් ඔවුන්ගේ සමීපතමයන්ගේ නම්වලින් මිලදී ගෙන ඇති බවට මේ වන විට සැකපළ කරන බවය.
සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන පැවැත්වේ.

















































