
බරපතළ සමාජ ව්‍යසනයකට හේතු වී ඇති මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා සහය ලබාදෙන ලෙස කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමි ධීවර ප්‍රජාවගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.
ඇතැම් මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා ධීවර යාත්‍රා යොදාගන්නා අතර එම කටයුතුවලින් වැළකී සිටින ලෙස ධීවර ප්‍රජාවගෙන් ඉල්ලීමක් සිදුකරන බව කාදිනල් හිමි පවසයි.
අද (06) බේරුවල බණ්ඩාරවත්ත, ශුද්ධ වු ලාසරස් මුනිදුන්ගේ දේවස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමින් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමි මෙම අදහස් පළ කළේය.

















































