
රුසියාවේ අසූර් එයාර් ගුවන්සේවය නැවත රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන්සේවා ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
එළැඹෙන නොවැම්බර් මාසයේ සිට ගුවන්ගමන් නැවත ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බව අසූර් එයාර් ගුවන්සේවය නිවේදනය කර ඇත.
ඒ අනුව, රුසියාවේ ගුවන්තොටුපොල 05ක සිට සිය ගුවන්ගමන් ශ්‍රී ලංකාව දක්වා සිදුකිරීමට සැළසුම් කර ඇති බව සඳහන් වෙයි.
අසූර් එයාර් ගුවන් සේවයට අමතරව එරෝෆ්ලොට් සහ එස් සෙවන් ගුවන් සේවා ද රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතයි.
මේ අතර වසර 11කට පසුව බ්‍රිතාන්‍ය බ්‍රිටිෂ් එයාර්වේස් ගුවන්සේවය ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍ය අතර ලබන මාසයේ සිට සෘජු ගුවන්ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබේ.
මේ අතර, ඔක්තෝබර් 23 වනදින සිට බ්‍රිතානයේ ගැට්වික් ගුවන්තොටුපල සහ කොළඹ අතර සෘජු ගුවන්ගමන් ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වෙයි.

















































