
ප්‍රදේශ කිහිපයක් සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
උතුරු - මැද, නැගෙනහිර පළාත් සහ යාපනය, කිලිනොච්චි, මුලතිව්, වව්නියා, කුරුණෑගල, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා මෙම නිවේදනය වලංගු වෙයි.
ඒ අනුව, උතුරු - මැද, නැගෙනහිර පළාත් සහ යාපනය, කිලි නොච්චි, මුලතිව්, වව්නියා, කුරුණෑගල, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම 'අවධානය යොමු කල යුතු' මට්ටමක පැවතිය හැකි බව නිවේදනයේ සඳහන් වෙයි.

















































