
දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි පොලීසිය විසින් සිදුකරගෙන යනු ලබන විශේෂ මෙහෙයුම් මගින් ඊයේ (05) දිනයේදී පුද්ගලයින් 27,100ක් පරීක්ෂාවට ලක් කළ බව පොලීසිය පවසයි.
එම පුද්ගලයින් අතුරින් සැකපිට පුද්ගලයින් 536 දෙනෙකු පොලීසිය විසින් හඳුනාගෙන ඇති අතර අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් සංඛ්‍යාව 17ක් බවද පොලීසිය සඳහන් කළේය.
එමෙන්ම මෙම මෙහෙයුම් මගින් වරෙන්තුකරුවන් 222ක් ද විවෘත වරෙන්තුකරුවන් 117ක්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
තවද බීමත් රියදුරන් 50 දෙනෙකු සහ අපරික්ෂාකාරී රිය පැදවීම් යටතේ තවත් පුද්ගලයින් 117 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත.
එමෙන්ම රථවාහන වෙනත් වැරදි සඳහා පුද්ගලයින් 4,599 දෙනෙකුට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද පොලීසිය පියවර ගෙන ඇත.
මේ අතර පොලීසිය විසින් ආරම්භ කර ඇති රටම එකට ජාතික මෙහෙයුම් මාලාව යටතේ ඊයේ දිනයේදී පුද්ගලයින් 657 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.
සිදුකළ වැටලීම් 655ක් මගින් මෙම සැකකරුවන් පිරිස පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී සැකකරුවන් 09 දෙනෙකු සඳහා රැඳවුම් නියෝග ලබා ගෙන ඇති අතර එක් සැකකරුවෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමටද පොලීසිය පියවර ගෙන ඇත.
පොලීසිය පැවසුවේ මෙම මෙහෙයුම් මගින් හෙරොයින් කිලෝ එකයි ග්‍රෑම් 529ක් සහ ගංජා කිලෝ එකයි ග්‍රෑම් 253ක්ද පොලිස් භාරයට ගැනීමටද පොලීසිය කටයුතු කළ බවය.

















































