
නව තාක්ෂණික මෙවලම් මෙරට සෞඛ්‍ය පද්ධතියට හදුන්වාදීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබේ.
ඉන්දියාවේ ජෛව තාක්ෂණින ප්‍රමුඛයින් පිරිසක් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුනි මහතා හමුවු අවස්ථාවේදී මේ පිළිබඳව අවධානය යොමු ඇති බව සදහන්.
එහිදි දෙරටේ සෞඛ්‍ය තාක්ෂණික සහයෝගීතාව වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුවු බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ වෛද්‍ය පර්යේෂණ සහ සංවර්ධන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට සහ වත්මන් සෞඛ්‍ය අභියෝගයක්ව ඇති බෝනොවන රෝග හදුනාගැනීම, පාලනය, ප්‍රතිකාර සේවා බලගැනීම සදහා තාක්ෂණික මෙවලම් හදුන්වාදීම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමුව ඇත.

















































