
ආපදා ප්‍රතිචාර දැක්වීම, යටිතල පහසුකම් ස්ථායිතාව සහ ආරක්ෂක සහයෝගීතාව යන ක්ෂේත්‍රවල ප්‍රායෝගික හවුල්කාරිත්වය ශක්තිමත් කර ගැනීම සඳහා නව මංපෙත් සෙවීමට ශ්‍රී ලංකාව සහ අමෙරිකාව, කැනඩාවේදී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබේ.
ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත (විශ්‍රාමික) මහතා සහ එක්සත් ජනපද ජාතික ආරක්ෂක බලකා කාර්යාංශයේ ප්‍රධානී ජෙනරල් ස්ටීවන් නෝර්ඩාස් (General Steven Nordhaus) අතර මෙම සාකච්ඡා පැවැත්විණි.
මෙහිදී ශ්‍රී ලංකාවේ ආපදා ප්‍රතිරෝධීතාව සහ හදිසි අවස්ථා ප්‍රතිචාර දැක්වීමේ හැකියාවන් වර්ධනය කර ගත හැකි ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇත.
මානුෂීය ආධාර සහ ආපදා සහන සඳහා විශේෂිත උපකරණ ලබාදීම මඟින් ආපදා ප්‍රතිචාර සූදානම ඉහළ නැංවීම පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් පුළුල් කිරීමට සහ අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන නව ක්ෂේත්‍ර හඳුනා ගැනීම සඳහා නිතිපතා සංවාද පවත්වා ගැනීමට එක්සත් ජනපදයට ආරක්ෂක ලේකම්වරයා ආරාධනා කර ඇත.
ආපදා සූදානම, මානුෂීය ප්‍රතිචාර සහ ආයතනික ස්ථායිතාව සඳහා වන හැකියාවන් සංවර්ධනය කිරීම මෙන්ම ද්විපාර්ශ්වික ආරක්ෂක බැඳීම්වල විෂය පථය පුළුල් කිරීමේ අරමුණ මෙම සාකච්ඡා මඟින් පිළිබිඹු වන බව ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

















































