header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
22වැනි සංශෝධනයේ පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය
Sep 02, 202608:36 PM
22වැනි සංශෝධනයේ පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය
Mobitel 1278

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය අද (2) අවසන් කෙරුණි.

ඒ අනුව ලිඛිත දේශන ගොනුකිරීම සඳහා හෙට ප.ව. 3 දක්වා අවස්ථාව හිමිවන අතර, ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය, ජනපතිට හා කථානායක වෙත යොමුකරන බව පංච පුද්ගල විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේය.

අදාළ සංශෝධන පනත් කෙටුම්පත ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම් 67ක් විභාග කිරීම ඊයේ (1) ශ්‍රේෂ්ඨාධිකරණයේදී ආරම්භ විය.

පෙත්සම් විභාගයේ දෙවැනි දිනය වූ අද එය නිරීක්ෂණයට පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගම් සභාපති ස්ටීවන් තිරූ මහතාද පැමිණ සිටියේය.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් විභගය සිදුවිය.

ඊයේ පෙ.ව. 10ට පමණ ආරම්භ වූ පෙත්සම් විභාගය, එදින රාත්‍රී 10 පසුවන තෙක් පැය 12කට අධික කාලයක් මුළුල්ලේ සිදුකෙරුණි.

ඒ අනුව පෙත්සම් විභාගය දෙවැනි දිනට අද පෙ.ව. 10ට පමණ ආරම්භ වුණේ පෙත්සම්කාර පාර්ශ්ව රැසක නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන්ය.

පෙත්සම් විභාගය ආරම්භ කරමින් පෙත්සම්කාර පාර්ශ්වයන් කිහිපයක් වෙනුවෙන් නීතිඥවරුන් මෙන්ම පෞද්ගලික පෙත්සම්කරුවන්ද සිය කරුණු දැක්වීම් මෙහිදී සිදුකළේය.

එම කරුණු දැක්වීම්වල සඳහන් වූයේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත තුළින් අධිකරණයේ ස්වාධීනත්වය මෙන්ම ජනතා පරමාධිපත්‍ය ද උල්ලංඝනය වන බැවින් මෙය සම්මත කිරීමටනම් ජනමත විචාරණයකට යොමුකරන මෙන් නියෝගයක් නිකුත් කරන ලෙසය.

මෙහිදී පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඉදිරිපත්කළ පෙත්සම සම්බන්ධයෙන් උන් වහන්සේ කරුණු දක්වමින්,

"යෝජිත සංශෝධනය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(5) ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට යෝජනා කර තිබෙනවා.

107(5) ව්‍යවස්ථාව නීතියක් බවට පත්කළේ මෙරට ජනතාව. එමනිසා එම ව්‍යවස්ථාව සංශෝධනය කළහැක්කේ ජනමත විචාරණයකින් පමණයි.

මේ හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වැනි  ව්‍යවස්ථාවේ සඳහන් බුද්ධාගම සුරක්ෂිත කොට පෝෂණය කළ යුතු බවට රජය වෙත පනවා තිබෙන ප්‍රතිපාදන උල්ලංඝනය වෙනවා" යනුවෙන් කරුණු දැක්වූ කස්සප හිමියන් සුත්‍ර පිටකය ඔස්සේ කරුණු ඉදිරිපත් කිරිම සිදු කළේය. 

එම අවස්ථාවේදී කස්සප හිමි ඇමතූ අගවිනිසුරුවරයා,

"සමාවෙන්න ස්වාමීන් වහන්ස... මට ඔබ වහන්සේ තරම් ධර්මය ගැන අවබෝධයක් නැහැ. අනිත් විනිසුරුවරු කොහොමද මම දන්නේ නැහැ. මට නම් එතරම් අවබෝධයක් නැහැ. මෙතනදී ධර්මයට වඩා අදාළ වන්නේ නීතියයි. නීතියෙන් තමයි මේකට කරුණු දක්වන්න වෙන්නෙ. ඒ නිසා නීතිය ඔස්සේ කරුණු දක්වන්න" යනුවෙන් ඉල්ලා සිටියේය. 

ඒ අනුව අදාළ කරුණු ලිඛිත දේශන මගින් දක්වන බව කස්සප හිමියන් ප්‍රකාශ කළේය.

ඉන් අනතුරුව අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් කරුණු දැක්වීම් ආරම්භ විය.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පතට සහාය පළකරමින් අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චි මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ නයිජල් හැච් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්

"ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පෙත්සම්කරුවන් සඳහන් කළා මෙම සංශෝධනය සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය බවට. මේක පිළිගන්න බැහැ ස්වාමිනී.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය ගැන කවූරුත් කතා කරන්නේ නෑ. එම සංශෝධනය තුළින් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරු සංඛ්‍යාව වැඩි කළා.

ඒක ජනමතවිචාරණයකට ඉදිරිපත් කළේ නැහැ. එසේනම් විනිසුරු විශ්‍රාම වයස් සීමාව ඉහළ නැංවීම ගැටළුවක් වන්නේ කොහොමද? 
විනිසුරු වරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමෙන් සහ විනිසුරු සංඛ්‍යාව ඉහළ නැංවීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සහ ජනාධිපති වරයාගේ බලය කප්පාදු වීමක් සිදුවන්නේ නැහැ" යනුවෙන් සඳහන් කළේය.

අනතුරුව අධිකරණය හමුවේ කරුණු දැක්වූයේ අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ නව සිහල උරුමය පක්ෂයේ නායක සරත් මනමේන්ද්‍ර මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් මහතාය.

"ශ්‍රී ලංකාවේ ජනගහනය වර්ධනය සහ ජනතාවගේ ආයු කාලය වර්ධනය වීම  සලකාබැලීමේදී විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ නැංවීම ඉතා කාලෝචිත බව සඳහන් කළ යුතුයි.

පසුගිය කාලයේ බ්‍රිතාන්‍යයේත් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස 70 සිට 75 දක්වා ඉහළ නැංවීම සිදු වුණා. එය සිදුකළේ පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතර ඡන්දයකින්.

එමනිසා වත්මන් සංශෝධනය හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන උල්ලංඝනය වීමක් සිදුනොවන බැවින් එය ජනමත විචාරණයකට යොමු කිරීමට අවශ්‍යවන්නේ නැහැ" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

ඉන් අනතුරුව නීතිපතිවරයා ‍වෙනුවෙන් සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා කරුණු දැක්වීම ආරම්භ කළේය.

"මෙම පනත් කෙටුම්පත තුළින් උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ නැංවීම මෙන්ම අභියාචනාධිකරණ විනිසුරු සංඛ්‍යාව ඉහළ නංවා තිබෙනවා.

ඊට අමතරව අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත තුළින් මහාධිකරණ සංඛ්‍යාව ඉහළ නංවා තිබෙන අතර පහළ අධිකරණ වල විශ්‍රාම වයස් සීමාව අවුරුදු දෙකකින් ඉහළ දමා තිබෙනවා.

මෙරට අධිකරණ කටයුතු පුළුල් කොට කාර්යක්ෂම කිරීමේ අරමුණින් තමයි රජය මේ පනත් කෙටුම්පත් ඉදිරිපත් කළේ. එසේ නොමැතිව තෝරාගත් විනිසුරුවරු පිරිසකට සහන සැලසීමේ අරමුණින් නොවෙයි.

මෙම පනත් කෙටුම්පතේ අන්තර්ගත කාරණා ගැන අධිකරණය හමුවේ විවිධ තර්ක ඉදිරිපත් වුණා. නමුත් ඔබතුමන්ලාගේ වගකීම 
තමයි මෙම පනත් කෙටුම්පතේ අන්තර්ගත ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනූකූල දැයි නිගමනය කිරීම.

ඉදිරියේදී කුමක් සිදුවේද යන උපකල්පනය සහ අනාවැකි මත ඔබතුමන්ලාගේ අධිකරණයට කටයුතු කරන්න බැහැ. මෙම පනත් කෙටුම්පත තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනමත විචාරණයකට භාජනය විය හැකි ව්‍යවස්ථාමය ප්‍රතිපාදන උල්ලංඝනය වීමක් සිදු වන්නේ නැහැ.

විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 03 සහ 04 වැනි ව්‍යවස්ථා කොහෙත්ම උල්ලංඝනය වන්නේ නැහැ. එම නිසා මෙම පනත් කෙටුම්පත ජනමත විචාරණයකට යොමුකිරීමට අවශ්‍යවන්නේ නැහැ.

මුලින්ම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් අවුරුදු 62 ක් ලෙස පැවතුණා. එය 1972 ව්‍යවස්ථාව තුළින් 63 දක්වා ඉහළ නැංවීම සිදුවුණා.

ඇතැම් පිරිස් විනිසුරු විශ්‍රාම වයස ඉහළ නැංවීම විනිසුරුවරුන්ට අල්ලස් ලබාදීමක් ලෙස අර්ථ කථනය කර තිබුණා. ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. විනිසුරුවරුන්ට හිමිවන්නේ සාමාන්‍ය පහසුකම්. ඒවා අල්ලස් ලෙස හඳුන්වාදීම කනගාටුයි. එය විනිසුරුවරුන්ට කරන අවමානයක්.

විනිසුරු වැටුප් අඩුකළ නොහැකි බව ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා. අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහායි එවැනි ප්‍රතිපාදනයක් යොදා තිබෙන්නේ" යනුවෙන් සඳහන් කළා.

සොලිස්ටර් ජෙනරාල්වරයාගේ දේශනය අවසන්වීමෙන් පසුව යළි කරුණු දැක්වීමට පෙත්සම්කාර පාර්ශවය නීතිඥවරු කිහිපදෙනෙකු උත්සාහ කළත්, අගවිනිසුරුවරයා සඳහන් කළේ නැවත පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ගේ දේශනවලට සවන්දීමට හැකියාවක් නොමැති බැවින් වැඩිදුර කරුණු ඇත්නම් ඒවා ලිඛිත දේශන වශයෙන් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
එයාර් බස් ගනුදෙනු නඩුවට කොටුවට ආපු නාමල් යළි වැලිකඩට.. | Ada Derana

එයාර් බස් ගනුදෙනු නඩුවට කොටුවට ආපු නාමල් යළි වැලිකඩට.. | Ada Derana

හරස් ප්‍රශ්නවලට දිගට හරහට උත්තර දුන්න ජොනී“ඇමතිතුමා...ඇමති නෙමෙයි ආණ්ඩුවේ කියලා හිතුවද?

හරස් ප්‍රශ්නවලට දිගට හරහට උත්තර දුන්න ජොනී“ඇමතිතුමා...ඇමති නෙමෙයි ආණ්ඩුවේ කියලා හිතුවද?

ෆයිල් අරන් FCIDයට ආ තිසකුට්ටි...

ෆයිල් අරන් FCIDයට ආ තිසකුට්ටි...

 උසාවියට ඇවිත් ගියපු ඥානසාර හිමි | “අපි නීතියට හිස නමනවා...” | Ada Derana

උසාවියට ඇවිත් ගියපු ඥානසාර හිමි | “අපි නීතියට හිස නමනවා...” | Ada Derana

 දිට්වා එකෙන් පස්සේ මතුවූ අලුත්ම අවදානම..

දිට්වා එකෙන් පස්සේ මතුවූ අලුත්ම අවදානම..

එල් නිනෝ ගැන කාලගුණයෙන් අනතුරු අඟවයි "වෙන්න තියෙන දරුණුම පැත්ත හිතලා අපි සූදානම් වෙන්න ඕනේ"

එල් නිනෝ ගැන කාලගුණයෙන් අනතුරු අඟවයි "වෙන්න තියෙන දරුණුම පැත්ත හිතලා අපි සූදානම් වෙන්න ඕනේ"

ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

 කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

 කළු ඇඳගෙන සටනට එන FUTA.."

කළු ඇඳගෙන සටනට එන FUTA.."

 පළාත් සභා ඡන්දය ගැන හිටපු මැකො සැරට අමතයි..

පළාත් සභා ඡන්දය ගැන හිටපු මැකො සැරට අමතයි..

 කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

 බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

 ලෝකයම හෙල්ලූ අපේ රුමේෂ් කිරුළු රැගෙන දිවයිනට

ලෝකයම හෙල්ලූ අපේ රුමේෂ් කිරුළු රැගෙන දිවයිනට

Lassana Flora
Spotlight
පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල්  සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල් සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

 22 ගැන තීන්දුව 22දා මැතිසබයට

22 ගැන තීන්දුව 22දා මැතිසබයට

 2000 කුලියට 111ක් මාදිවෙල

2000 කුලියට 111ක් මාදිවෙල