
රුපියල් කෝටි 20කට අධික වටිනාකමකින් යුත් අයිස් කිලෝග්‍රෑම් 8ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 4ක් සමග මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ ප්‍රධාන ගෝලයෙකු අද (2) අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) සමත් විය.
ලැබුණු බුද්ධි තොරතුරකට අනුව වැල්ලම්පිටිය, සේදවත්ත ප්‍රදේශයේදී සිදුකළ විශේෂ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසිය සිදුකළ මූලික ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ මොහු 'සේදවත්ත කසුන්' නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ මත්ද්‍රව්‍ය අලෙවිකරුවෙකු ලෙස කටයුතු කර ඇති බවය.
කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතාගේ සෘජු අධීක්ෂණය සහ මෙහෙයවීම යටතේ කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කෙරේ.

















































