
'ඩ්‍රැගන්ස් ඕෆ් ශ්‍රී ලංකා' (Dragons of Sri Lanka) සම්මාන උළෙලේදී දෙරණ මාධ්‍ය ජාලයේ අනුබද්ධිත ආයතනයක් වන IdeaHell සමාගම රන් සම්මානයෙන් පිදුම් ලබා තිබේ.
ඒ ඔවුන් විසින් දියත් කරන ලද “සුව සසුන” (Seat of Care) ප්‍රචාරණ ව්‍යාපාරය වෙනුවෙනි.
මේ අතර, අද දෙරණ 24 සහ Xtra සමඟ එක්ව ක්‍රියාත්මක කරන ලද Asamanya Paper ප්‍රචාරණ ව්‍යාපාරය ද මෙම සම්මාන උළෙලේදී රන් සහ ලෝකඩ සම්මානයෙන් පිදුම් ලැබීය.
'ඩ්‍රැගන්ස් ඕෆ් ශ්‍රී ලංකා' සම්මාන උළෙල මගින් මෙරට තුළ ක්‍රියාත්මක වූ ප්‍රචාරණ ව්‍යාපාරවල විශිෂ්ටත්වය අගයනු ලබයි.


















































