
සුභාවිත ගී පබැඳුමෙන් රසික හදවත් සැනසූ අපවත් වී වදාළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ත හිමිගේ ආදාහන පූජෝත්සවය මේ වන විට ආරම්භ වී තිබේ.
උන්වහන්සේ පසුගිය 18 වැනිදා අපවත්වූ අතර අපවත් වන විට උන්වහන්සේ 76 වන වියෙහි පසු වූහ.
අපවත් වූ උන්වහන්සේගේ ශ්‍රී දේහය පසුගිය 19 වැනිදා වැල්ලවත්ත ශ්‍රී සුදර්මාරාම විහාරස්ථානයේ තැන්පත් කෙරුණි.
අද පස්වරුවේ උන්වහන්සේගේ ආදාහන පූජෝත්සව පැවැත්වීම සඳහා රිය පෙරහැරකින් දෙහිවල සරණංකර ක්‍රීඩාංගණයට රැගෙන එනු ලැබීය.
එහිදී ආගමික වතාවත් මල්වතු මහා විහාරවාසී, ආචාර්ය දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්ම හිමි විසින් සිදු කෙරිණි.
මේ වන විට උන්වහන්සේගේ අදාහන පූජෝත්සවය දෙහිවල සරණංකර ක්‍රීඩාංගණයේදී ආරම්භ වී ඇති අතර එහි සජීව විකාශය පහතින්.


















































