
මෙරට පාරිභෝගික මිල දර්ශකය සහ මාසික පාරිභොගික උද්ධමන අනුපාතය අනුව ජූලි මාසයේ උද්ධමනය ඉහළ ගොස් තිබේ.
ජනලේඛණ සහ සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ අනුව ජූනි මාසයේ මෙරට වාර්තා වූ 6.5%ක උද්ධමනය ජූලි මාසය වන විට 7.2% දක්වා ඉහළ ගොස් ඇති බවය.
එමෙන්ම ජුනි මාසයේ 3.3%ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ උද්ධමන අනුපාතය ජූලි මාසයේ 4.9%ක් දක්වාද ඉහළ ගොස් ඇත.
මේ අතර ජූනි මාසයේ 9.3%ක් වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ජූලි මාසයේදී 9.2%ක් දක්වා අඩු වී ඇති බවද ජනලේඛණ සහ සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.


















































