
ප්‍රකාශයක් ලබාදීම සදහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉන් පිටව ගොස් තිබේ.
පැය 06කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් පසු ඔහු පිටව ගොස් ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.
විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා අද (21) පෙරවරුවේ නාමල් රාජපක්ෂ මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබුණි.


















































