
ගත වූ පැය 24 තුළ 'රටම එකට' මෙහෙයුමෙන් සැකකරුවන් 751 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන් සිව් දෙනෙකුට එරෙහිව රැඳවුම් නියෝග ලබාගෙන ඇති බව පොලිසිය නිවේදනය කළේය.
තවත් තිදෙනෙකු පුනරුත්ථාපනයට යොමු කර ඇති බව සඳහන්ය.
ඊයේ (20) දිනයේදී සිදු කර ඇති සම්පූර්ණ වැටලීම් සංඛ්‍යාව 753කි.
දිවයින පුරා මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම, මත්ද්‍රව්‍යවලට ඇති ඉල්ලුම අවම කිරීම, මෙහෙයුම් පුළුල් කිරීම, ඇබ්බැහිවූවන් පුනරුත්තාපනය කිරීම, මත්ද්‍රව්‍ය දුර්භාවිතය වැළැක්වීම අරමුණු කරගෙන 'රටම එකට' ජාතික මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලබයි.


















































