
අධිකරණ නියෝගයක් මත වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගත කෙරුණු පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් යළි බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබේ.
පාකිස්තාන ශ්‍රේෂඨාධිකරණය විසින් ලබාදුන් නියෝගයක් මත ඉම්රාන් ඛාන් ඊයේ රාත්‍රී යේ ඉස්ලාමාබාද් හී රෝහලකට ඇතුලත් කර ඇති අතර පැය කිහිපයක් එම රෝහලේ රැදී සිට වෛද්‍ය පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව යළි බන්ධනාගාරය වෙත රැගෙන ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
2023 වසරේ අගෝස්තු මාසයේ සිට බන්ධනාගාර ගතව සිටින ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී ඇති බවට ඔහුගේ නීතීඥයින් විසින් සිදුකළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින් පැය 48ක කාලයක් තුල ඔහු ඉස්ලාමාබාද් හී රෝහලකට ඇතුලත් කරන ලෙස පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය අගහරුවාදා නියෝගයක් නිකුත් කර තිබුණි.
දේශපාලන පලිගැනීම් මත ඉම්රාන් ඛාන් බන්ධනාගාර ගත කර ඇති බවට ඔහුගේ ආධාරකරුවන් චෝදනා කළ අතර පාකිස්තාන රජය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.


















































