header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
මහර ගින්න රැල්ලක් වෙයි ද? - බන්ධනාගාර අඩපණ කරන කුමන්ත්‍රණයක් ගැනත් සැකයක්
Aug 04, 202601:05 PM
මහර ගින්න රැල්ලක් වෙයි ද? - බන්ධනාගාර අඩපණ කරන කුමන්ත්‍රණයක් ගැනත් සැකයක්
Mobitel 1278

මහර සිද්ධිය බන්ධනාගාරය පවත්වාගෙන යාම අඩපණ කිරීමේ ක්‍රමන්ත්‍රණයක් දැයි සැකයක් මතුවන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

මහර බන්ධනාගාරයේ ඇති වූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් අද (04) පාර්ලිමේන්තුවේදි විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ, මෙවැනි සිද්ධි සෙසු බන්ධනාගාර දක්වා රැල්ලක් වශයෙන් ව්‍යාප්ත වීම කෙරෙහිද අවධානය යොමු වි ඇති බවය.

පැනනගින ඕනෑම තත්ත්වයකදී ජීවිත හානි අවම කර ගනිමින් පාලනය කිරීමට අවශ්‍ය සම්බන්ධීකරණය ගොඩනඟමින් පවතින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මීට අමතරව තවත් බන්ධනාගාර දෙක තුනක මෙවැනි තත්ත්වයක් ඇතිවීම පිළිබඳව ලැබුණු තොරතුරු ද මේ වන විටත් බන්ධනාගාර දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට ලබාදී ඇති බව අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කළේය.

මීගමුව බන්ධනාගාරයේ සිදු වූයේ රැඳවියන් අතර මත්ද්‍රව්‍ය පදනම් කරගත් ආරවුලක් වුවද, මහර බන්ධනාගාරයේ සිද්ධිය රැඳවියන් විසින් පාලන තන්ත්‍රයට එරෙහිව සිදුකරන ලද්දක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එකවරම රැඳවියන් දහසක් පමණ පිරිසක් පැමිණ පෙර නොවු විරූ ලෙස ගිනි තැබීම් සිදු කිරීම පිටුපස සංවිධානාත්මක කුමන්ත්‍රණකාරී පිරිසක් සිටින බවට සැක කෙරෙන අතර එවැනි ක්‍රියාවක් සිදුව ඇත්නම් ඔවුන්ට එරෙහිව පියවර ගැනීමට පසුබට නොවන බවද ඔහු අවධාරණය කර සිටියේය.

එමෙන්ම අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කළේ ගිනි තබා විනාශ කර ඇත්තේ මහජනතාවගේ බදු මුදල් බවත්, ඒවා නැවත ගොඩනැගීමට සිදුවන්නේද එම මුදලින් බවත් රැඳවියන් තේරුම් ගත යුතු බවය.

මේ අතර, අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ සභාපතිත්වයෙන්, අමාත්‍ය ආනන්ද විජයපාල මහතා ඇතුළු ලේකම්වරුන්, පොලීසිය, රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 රට පොලිස් රාජ්‍යයක් කරා ගමන්කිරීමේ අවදානමක් ගැන නීතිඥ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

ගෝඨාභයට එරෙහි පාස්කු විමර්ශන ප්‍රබල තත්ත්වයක... CIDය සලේට හොඳින් සලකන බවට අධිකරණයේ දී හෙළිවෙයි...

 "තිරිගු පිටි මිල රු.13කින් වැඩි කරලා" පාරිභෝගික අධිකාරියේ සභාපති මවිත වෙලා..

ඥානසාර හිමි වෙනුවෙන් සටන අත්නොහරින හිමිවරු...සත්‍යග්‍රහ තවදුරටත්

 ෂෝටීස් සහ පරාටා මිලත් ඉහළට

ෂෝටීස් සහ පරාටා මිලත් ඉහළට

 කාවන්තිස්සට වුණු අසාධාරණය ගැන සොයන්න සජිත් ඇතුළු පිරිස සටනට බසී

 “රජය තාම අපේ වෙලා නෑ...තාම පිස්සු කෙළිනවා රජය අසමත් එක්තරා ආකාරයකට”

 තනුක කරලා දෙරණ ගහන ගැහිල්ල ගැන ලාල් ප්‍රසිද්ධියේම කිව්ව කතාව...

මොරටුව වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය පිළියන්දලදී කාර්මික දෝෂයකට ලක්වෙයි

මොරටුව, සොයිසාපුර රත්කළ වෙඩිල්ල... නවතම දර්ශන

අධි අවදානම් අලි ඇතුන් 13ක් ගැන වයිල්ඩ් ටස්කර් සංවිධානයෙන් හෙළිදරව්වක්

තවමත් හදවත් කකියන කාවන්තිස්ස හස්තියාගේ මරණය

ආණ්ඩුවේ මර්දනය ගැන සැරට කිව්ව දිලිත්

ආණ්ඩුවේ මර්දනය ගැන සැරට කිව්ව දිලිත්

පැය 2කට පසු අල්ලස් කොමිසමෙන් එළියට ආ ජී.එල් - එන්න කියපු හේතුව හෙළිකරයි

 “වලානෙන් කියලා 15ක් විතර ආවා...කාවන්තිස්සට වෙඩිතිබ්බා කියලා වැරැද්ද පිළිගන්න ඕනේ කිව්වා”

Lassana Flora
Spotlight
ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්

ගල්අඟුරු කොමිසමේ කාලය තවත් දික්කරයි

ගල්අඟුරු කොමිසමේ කාලය තවත් දික්කරයි

නොරොච්චෝලේ ජනන යන්ත්‍ර බිඳවැටීම ගැන අභ්‍යන්තර පරීක්ෂණයක්

නව ත්‍රස්ත පනතින් අධිකරණ බලය විධායකයට පවරලා...

වෙස් මාරු කර යළිත් එන්නේ පරණ ත්‍රස්ත පනතම ද ?

ගැටඹේ මහ නාහිමිගේ දේහයට ගෞරව දක්වන්න මහ පිරිසක් - අවසන් කටයුතු හෙට පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

පිළිගැනීමක් හෝ ආරක්ෂාවක් දී නෑ - තායි නියෝජ්‍ය අගමැතිනියට ලංකාවේදී කුඩම්මාගේ සැලකිලි

 හජ් වන්දනා පනත ගෙන ඒමට හැකිවීම විශාල ජයක් - බුද්ධ ශාසන ඇමති

අධිවේගයේ ආසන පටි නීතිය කැඩූ 5,200කට දඩ

අධිවේගයේ ආසන පටි නීතිය කැඩූ 5,200කට දඩ

දින තුනක් පැය බැගින් විදුලි කප්පාදුවක් - රටම කලාප 4කට බෙදයි

සැමියා රටගිය බිරින්දෑවරුන්ට ආතතිය

සැමියා රටගිය බිරින්දෑවරුන්ට ආතතිය

2024-2026 අවුරුදු 2දී සූර්ය පැනල විදුලි ධාරිතාව දෙගුණයකින් ඉහළට

රට පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම | "මෙහෙම නම් ඇමතිවරයෙක් ඉඳලා වැඩක් නෑ"

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana