රාගම ග්‍රාමසේවා වසම් තුනකට පොලිස් ඇඳිරි නීතිය 

රාගම ග්‍රාමසේවා වසම් තුනකට පොලිස් ඇඳිරි නීතිය 

August 1, 2026   09:43 pm

සාමය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් රාගම පොලිස් බල ප්‍රදේශයට අයත් මහර බන්ධනාගාරය අවට ග්‍රාමසේවා වසම් තුනක් සඳහා නැවත දැනුම්දෙනතුරු වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ. 

ඒ, 246/කැන්දලියද්ද පාළුව - බටහිර, 246/සී කැන්දලියද්ද පාළුව - උතුර සහ 181/ජී දඹුව යන ග්‍රාමසේවා වසම් සඳහාය.

මහර බන්ධනාගාරය තුළ අද (01) පස්වරුවේ රැඳවියන් අතර ගැටුම්කාරී තත්ත්වය ඇති විය. 

ඉන් තුවාල ලැබූ රැඳවියන් හත් දෙනෙකු රාගම රෝහලට ඇතුළත් කෙරුණු අතර එහිදී එක් අයෙකු මිය ගියේය. 

මේ වනවිට තවත් හය දෙනෙකුට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව සඳහන්ය.

බන්ධනාගාරය තුළ ගැටුම්කාරී තත්ත්වයත් සමඟ රැඳවියන්ගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් ඒ අවට රැස්වූහ.

ඒ අනුව මෙම තත්ත්වය පාලනය කරගැනීමේ අරමුණින් රාගම පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් තුනක් සඳහා නැවත දැනුම්දෙනතුරු වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීති පැනවීමට කටයුතු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඒ.එෆ්.යූ ටුට්ලර් මහතා ප්‍රකාශ කළේය.