වෙනිසියුලාවේ භූකම්පනවලින් මියගිය ගණන 164ක් දක්වා ඉහළට
June 25, 2026 04:14 pm
වෙනිසියුලාවේ සිදුවූ භූමිකම්පන ද්විත්වයෙන් මියගිය පුද්ගලයින් ගණන 164ක් දක්වා ඉහළ ගොස් ඇති බව එරට වැඩබලන ජනාධිපති ඩෙල්සි රොඩ්රිගස් පවසයි.
මේ අතර පුද්ගලයින් 971 දෙනෙකුට තුවාල සිදුව ඇති බව සඳහන් වෙයි.
ඇය පෙන්වා දෙන්නේ සුන්බුන් අතර සිරවූවන් මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් අඛණ්ඩව සිදුවන බවයි.
මේ අතර මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
