2025(2026) වසරේ O/L ප්‍රතිඵල සහතිකය Online පමණයි

2025(2026) වසරේ O/L ප්‍රතිඵල සහතිකය Online පමණයි

June 24, 2026   06:15 pm

අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය- 2025 (2026) වර්ෂයේ සහතික පත්‍ර නිකුත් කරනු ලබන්නේ මාර්ගගතව පමණක් බව දැනුම් දී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය මේ බව දැනුම් දී ඇත.

සහතික පත්‍ර ලබාගැනීම සඳහා විභාග දෙපාර්තමේන්තුව වෙත පැමිණීමෙන් වලකින ලෙසත් https://certificate.doenets.lk/certificate සබැදිය ඔස්සේ මාර්ගගතව අයදුම්කර තැපැත් මාර්ගිකව සහතික පත්‍රය නිවසටම ගෙන්වා ගත හැකි බවත් වැඩිදුරටත් දැනුම් දී තිබේ.