header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
රජයේ විශ්‍රාම වැටුප් නැති අයටත් විශ්‍රාම වැටුප් ගන්න පුළුවන් ක්‍රමය මෙන්න
May 25, 202603:52 PM
රජයේ විශ්‍රාම වැටුප් නැති අයටත් විශ්‍රාම වැටුප් ගන්න පුළුවන් ක්‍රමය මෙන්න
Mobitel 1278

වයස අවුරුදු 18ත් 59ත් අතර පසුවන රජයේ විශ්‍රාම වැටුප් හිමිකම් නොලබන පුද්ගලයින් සඳහා සුරැකුම විශ්‍රාම වැටුප් ක්‍රමය තවදුරටත් විවෘතව පවතින බව ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කළේ, සාමාජිකයාගේ අවශ්‍යතාව සහ දායකමුදල් ගෙවීමේ හැකියාව මත තමන්ට රිසි විශ්‍රාම වැටුප් ප්‍රමාණයක් තීරණය කරගැනීමට හැකි බවය.

මෙම විශ්‍රාම සැලසුම් යටතේ සුවිශේෂි ප්‍රතිලාභ රැසක් හිමිවනු ඇත.

ඒ අනුව වයස අවුරුදු 60 සිට ජීවිතාන්තය දක්වා ගිවිසගත් රුපියල් 50,000ක මාසික විශ්‍රාම වැටුපක් හිමිවන බව ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය සඳහන් කරයි.

වාරික ගෙවීම අතපසු වුවද ගිණුමේ ශේෂයට ගැලපූ විශ්‍රාම වැටුපක් හිමි වේ.

විශ්‍රාමිකයෙකු ලෙස සිදුවන අභාවයකදී, කාලත්‍රයාට/ යැපෙන්නාට සමාජිකයාගේ වයස අවුරුදු 80 වන තෙක් විශ්‍රාම වැටුප අඛණ්ඩව හිමි වනු ඇති බව අදාළ නිවේදනයේ සඳහන්.

විශ්‍රාම වැටුප් ලැබීමට පෙර සිදු වන අභාවයකදී අවමංගල්‍ය වියදම් ආවරණයට රුපියල් 100,000ක් සමගින් කාලත්‍රයාට විශ්‍රාම වැටුප් හිමිකම හෝ ගෙවූ මුදල ආයෝජන ආදායම සමඟ ලබාගැනීමේ හැකියාව පවතී.

හදිසි අනතුරක හෝ රෝගයක ප්‍රතිඵලයක් ලෙස අබලතාවයට පත්වන සාමාජිකයින්ට රුපියල් 500,000ක පාරිතෝෂිකයක් සමඟ අබලතාවය ඇති වූ දා සිට ජීවිතාන්තය දක්වාම එකඟ වූ විශ්‍රාම වැටුප හිමිවේ.

එවැනි අවස්ථාවකදී සාමාජිකයා ඉදිරි වාරික ගෙවීමෙන් සම්පූර්ණයෙන්ම නිදහස් කරනු ලබයි.

ස්ථිර අර්ධ අබලතාවයකදී රුපියල් 100,000ක පාරිතෝෂිකයක් ලබා දෙන බව ද ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය ප්‍රකාශ කළේය. එමෙන්ම ප්‍රතිලාභියාගේ දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු හෝ ඕනෑම අවශ්‍යතාවක් සඳහා මූල්‍ය සහයක් ලබාගත හැකිය.

ඒ අනුව වයස අවුරුදු 18ත් 29ත් අතර කාලය තුළ මාසික, වාර්ෂිකව හෝ එකවර මුදලක් ලෙස අවශ්‍යතාවය පරිදි ප්‍රතිලාභ අයදුම් කළ හැකිය.

සුරැකුම විශ්‍රාම සැලසුම සඳහා වයස අවුරුදු 20 සිට 45 දක්වා කාලය තුළ මුදල් ගෙවීම සිදු කළ හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

මෙම වාරික ගෙවීම් අවස්ථාවන්ට අමතරව කාර්තුමය, වාර්ෂිකව සහ වසර දෙක සිට හතර දක්වා කෙටි කාලසීමාවන් තුළ නම්‍යශිලී ලෙස වාරික ගෙවීම් ක්‍රම තොරාගැනීමේ හැකියාව ද පවතිනි බව ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 011 2 88 60 88 යන අංකයෙන් ද 077 1 44 30 44 යන වට්ස්ඇප් අංකය මගින් ද ලබාගත හැකිය.

src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjONum_SEAB4cfpxS05_U8TpEsFen1_doap9IUWL2AdScaU1jKHVtsawrLcv9vfsfA17lP3VzCY4Q2UFic7VP3ZPFIIqftOns4gv_lH2pSplCbHQ92eEo8Gbgj8SUzb9Yyz6uD-e3pCwjd2DjStzbGAatac8Q45RX3Nsn51npFfKDIsItQhWhyMVav1Iu3d/s1600/01.jpg
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjWcOuZ2hCJWLfIqdOqXvoWLwxx6vWjIBtaVgXZftojeTJ_k6oT4YLSgq1EaBqUfzCkqfagN5-HauUdH8bhWsb8qR-ShzDHeJVk6tfPUqreeeLZdWwEluuoqrdtdnSLwmiohLe7S51eF3afizGo7CFtk6AJhxR2rOB7kb92WlfSMnOPBcKpjJigLUkvYUkq/s1600/02.jpg
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhl5km_kBn57VZ3ZJpriCX8dpiV1ipPA9NoBBWxb2x5Om63gn_kvPssaYbZd6EGxLRXx1G7RG7In70NxQuyIGGrQ8mlIkP0N0guGQxOYks35JhzbrVp5ez_paiZ86KhzLUfjJRp5PnR2mkPV_KDK_BqGNyMattch8D46Vm4VSIELEOCUCUpQ8wvcsS5PGmv/s1600/03.jpg

MostRead
Mobitel 1278
VideoStories
පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

 කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

 ලාල් කාන්තට මාදුගොඩ දුන්න රිටන් එක "ආණ්ඩුව බූරුවන්ට දුන්නාම පොලීසිය බල්ලට යනවා"

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

 කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ