රයිගම් ටෙලීස් 2025 - වඩාත් ජනගත ප්‍රවෘත්ති විකාශය සම්මානය අද දෙරණට
March 28, 2026 06:55 pm
රයිගම් ටෙලීස් 2025 වසරේ වඩාත් ජනගත රූපවාහිනි ප්‍රවෘත්ති විකාශයට හිමි සම්මානය 'අද දෙරණ' ප්‍රවෘත්ති නාලිකාව දිනාගැනීමට සමත්විය.
මෙම සම්මාන ලබාදීම සිදුවූයේ, දිවයින පුරා සිදු කරන ලද ජනතා සමීක්ෂණයකින්ය.
ඒ අනුව අලෙවි ජාල හතරක් විසින් අලෙවි බල ප්‍රදේශ 136ක් තුළ පිහිටි වෙළඳසැල් 138,854ක් ආවරණය වන පරිදි මෙම සමීක්ෂණය සිදු කර ඇත.
මෙම අලෙවිසැල් ප්‍රධාන සහ අතුරු මාර්ග 1616ක් පුරා ප්‍රතිචාරකයන් 41,600ක නියැදියක් නාභීගත කර මෙම තොරතුරු ලබාගෙන තිබේ.
මේ සඳහා සමීක්ෂකයන් 393කට වැඩි පිරිසක් යොදාගෙන ඇත.
මෙම සමීක්ෂණය සඳහා GPS තාක්ෂණය හරහා යෙදවුම් භාවිත කරමින් උපරිම විශ්වසනීයත්වය සහ රහස්‍යභාවය ආරක්ෂ කරමින් 2026 වසරේ මාර්තු පළමුවෙනිදා සිට මාර්තු 26 වෙනිදා දක්වා මෙය සිදු කර ඇති බව සඳහන්ය.
මෙම සම්මාන උළෙල මේ වනවිට කොළඹ ශැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී පැවැත්වෙයි.
එහිදී දෙරණ මාධ්‍ය ජාලයට සම්මාන කිහිපයක් හිමිවිය.
ජූරියේ විශේෂ ඇගයීම් සම්මාන - නඳුන් අබේරත්න (පුවත් විශේෂාංගය කන්ටේනර් ඇතුළේ හැදෙන එළවළු)
වසරේ විශිෂ්ටතම රූපවාහිනි අධ්‍යාපන වැඩසටහන - කේ.සී. සාරංග (ජීවිතයට විද්‍යාව)
ජූරියේ කුසලතා සම්මානය - යෙළසිය අබිමන් වැඩසටහන (රංජීවනි බැද්දේවිතාන)
වසරේ විශිෂ්ටතම රූපවාහිනී සංගීත වැඩසටහන - යුගාත්‍රා (විමුක්ති රුද්‍රිගෝ)
වසරේ විශිෂ්ටතම ඒකාංගික ටෙලිනාට්‍ය - මම මා නොව (සමන් ප්‍රියන්ත විජේතුංග)
වඩාත් ජනගත ප්‍රවෘත්ති විකාශය - අද දෙරණ
