header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
මත්ද්‍රව්‍ය සහ අයුධ සමග හසුවූ ධීවර යාත්‍රාව ගැන කරුණු රැසක් හෙළවෙයි
Mar 12, 202608:17 PM
මත්ද්‍රව්‍ය සහ අයුධ සමග හසුවූ ධීවර යාත්‍රාව ගැන කරුණු රැසක් හෙළවෙයි
Mobitel 1278

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව පසුගියදා මහා මුහුදේදි සිය භාරයට ගත් ආයුධ සහ මත්ද්‍රව්‍ය තොගය අද දික්ඕවිට ධීවර වරායෙන් ගොඩබිමට රැගෙන ආවේය.

එම ආයුධ තොගය සැලකෙන්නේ නාවික හමුදාව විසින් මෙතෙක් මහ මුහුදේදී සිය භාරයට ගත් වැඩිම ආයුධ තොගය ලෙසටය.

එමෙන්ම කිලෝග්‍රෑම් 600කට අධික අයිස් හා හෙරොයින් අඩංගු මත්ද්‍රව්‍ය උර 48ක්ද නාවික හමුදාව සිය භාරයට ගෙන තිබුණි.

ලංකා නාවික හමුදාවේ බුද්ධි අංශයට පසුගිය 8 වැනිදා ලද විශ්වසනීය තොරතුරකට අනුව දිවයිනට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේදි දිගු දුර මෙහෙයුම් නෞකා යොදාගනිමින් විශේෂ මෙහෙයුමක් දියත් කෙරුණි.

මෙහෙයුම අතරතුරදී සැකකටයුතු බහුදින ධීවර යාත්‍රා දෙකක් හා සැකකරුවන් 10 දෙනෙකු සිය භාරයට ගැනීමට නාවික හමුදා නිලධාරීන්ට හැකිවුණි.

ඉන් එක් බහුදින ධීවර යාත්‍රාවක තිබි මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන උර විශාල ප්‍රමාණයක් හා ගිනිඅවි මෙන්ම මැගසින්ද හමුව තිබුණි.

අදාළ බහුදින යාත්‍රා දෙක සැකකරුවන්ද සමඟ අද පෙරවරුවේ දික්ඕවිට වරායෙන් ගොඩබිමට රැගෙන ආවේය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් සිදුකළ මූලික විමර්ශනයේදි අනාවරණ වුණේ යාත්‍රාවෙහි වූ උර 48ක කිලෝග්‍රෑම් 600කට අධික බරකින් යුත් අයිස් හා හෙරොයින් ඇති බවය.

එම තොගයේ වටිනාකම රුපියල් බිලියන 10කට අධිකය.

වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරට සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිහිපදෙනෙකු අතර බෙදාහැරීම සඳහා රැගෙන එමින් තිබූ බවය.

එමෙන්ම පිස්තෝල වර්ගයේ ගිනි අවි 8ක්, ඒවාට යොදන මැගසින්, T56 වර්ගයේ ගිනි අවි 2ක් සහ M16 වර්ගයේ ගිනි අවියක් ද යාත්‍රාවේ තිබී ඇති අතර ඒවා බෙල්ජියම, චීනය, එක්සත් රාජධානිය ඇතුළු රටවල් 4ක නිෂ්පාදිත නවීනතම ගිනි අවි බවට මේ වනවිට හඳුනාගෙන තිබේ.

M16 වර්ගයේ ගිනි අවිය මෙරට ආරක්ෂක අංශවල විශේෂ රාජකාරිවල නිරත වන සෙබළුන් පමණක් භාවිත කරන අවියක් බව වාර්තා වෙයි.

නාවික හමුදාව සඳහන් කළේ තමන් මහ මුහුදේදි සිය භාරයට ගත් වැඩිම ගිනි අවි තොගය මෙය බවය.

මෙම ගිනි අවි කුලී පදනම මත අපරාධකරුවන්ට ලබාදීමට සැලසුම් කර තිබූ ඒවා බවද මූලික විමර්ශනවලදි අනාවරණ වි තිබේ.

අදාළ ආයුධ සහ මත්ද්‍රව්‍ය තොගය අරාබි මුහුදේදි ඉරාන නෞකාවකින් ධීවර යාත්‍රාවට ලබාදී ඇති බවට නාවික හමුදාව සැක පළ කරයි.

මත්ද්‍රව්‍ය හා ආයුධ තිබූ යාත්‍රාවේ සිටි ධීවරයින් 5දෙනාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ ඔවුන් මීට මාස දෙකහමාරකට පමණ පෙර ධීවර රැකියාවට යන මුවාවෙන් හලාවතින් දියඹට ගොස් ඇති අතර එලෙස දියඹට ගොස් ඇත්තේ පළමු වරට බවය.

මෙහි ධීවරයින් නාවික හමුදාව විසින් අත්ඩංගුවට ගන්නා අවස්ථාවේදි දැඩි කුසගින්නකින් සිට ඇති අතර ඔවුන් පවසා ඇත්තේ මාසයක කාලයකට පමණක් අවශ්‍ය ආහාර රැගෙන ආවද මාස 2කට අධික කාලයක් මුහුදේ රැඳී සිටීමට සිදුවු නිසා ආහාර අවසන් වූ බවය.

මෙහිදි අත්අඩංගුවට ගත් ධීවරයින් අතරින් දෙදෙනෙකු හෙරොයින්වලට ඇබ්බැහි වුවන් වන අතර ඔවුන් උරවල තිබූ හෙරොයින් භාවිත කළ බවත් නාවික හමුදා නිලධාරීන් හමුවේ පවසා තිබේ.

නාවික හමුදාව විසින් මෙම බහුදින යාත්‍රාව සිය භාරයට ගැනීමෙන් පසු තවත් බහුදින යාත්‍රාවක් සැකකටයුතු ලෙස තමන් දෙසටම පැමිණෙන ආකාරය නිරීක්ෂණය කර තිබුණි.

පසුව එම යාත්‍රාව පරික්ෂා කිරීමේදී මත්ස්‍ය අස්වැන්නක් හෝ නොමැතිවූ එම යාත්‍රාවේ තිබී සැටලයිට් දුරකථනයක්ද සොයාගෙන තිබුණි.

පසුව නාවික හමුදාව ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදි පවසා ඇත්තේ තමන් මීට මාසයකට පෙර ගාල්ලෙන් ධීවර රැකියාවට යන බව පවසමින් පිටත්ව පැමිණ, ආයුධ තිබූ යාත්‍රාවේ සහායට ඔත්තු බැලීම පමණක් සිදුකළ බවය.

එමෙන්ම ආයුධ හා හෙරොයින් ප්‍රවාහනය කළ යාත්‍රාවේ ස්කිපර්වරයාට රුපියල් ලක්ෂ 30ක මුදලක්ද, ඔත්තු බැලූ යාත්‍රාවේ ස්කිපර්වරයාට රුපියල් ලක්ෂ 25ක මුදලක්ද ලබාදී ඇති බව නාවික හමුදා නිලධාරීන් අනාවරණ කර ගෙන තිබේ.

මේ අතර මෙම යාත්‍රා දෙක සමඟ ගොඩබිම සිට සම්බන්ධීකරණ කටයුතු සිදුකළ පුද්ගලයෙකු හා ආයුධ ප්‍රවාහනය කළ යාත්‍රාවේ හිමිකරු පොලිස් අත්අඩංගුවට ගැනුණි.

ප්‍රශ්න කිරීම්වලදි යාත්‍රාවේ හිමිකරු පවසාඇත්තේ තමන්ට ධීවර යාත්‍රා 6ක් ඇති බවත් පසුගියදා සීෂෙල්ස්හිදි ගිනි තැබීමට ලක්වූයේද තමන්ට අයත් යාත්‍රා දෙකක් බවය.

යාත්‍රා සම්බන්ධීකරණය කළ පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමේදී, ඔහු මීට පෙරද කිලෝග්‍රෑම් 370කට අධික හෙරොයින් තොගයක් ගොඩබිමට රැගෙන විත් බෙදාහැරි බව හෙළිවී තිබේ.

මෙම මත්ද්‍රව්‍ය සහ ආයුධ තොගය විදෙස්ගතව සැඟව සිටින අපරාධකරුවන් වන පරෙවි සුදා සහ අංගොඩ ප්‍රියංකර නමැත්තන්ට අයත් බවට සැකකරේ.

පොලිස්පතිවරයාගේ උපදෙස් මත ත්‍රස්ත මර්දන කොට්ඨාසය හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඒකාබද්ධව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

MostRead
Mobitel 1278
VideoStories
 කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

 ලාල් කාන්තට මාදුගොඩ දුන්න රිටන් එක "ආණ්ඩුව බූරුවන්ට දුන්නාම පොලීසිය බල්ලට යනවා"

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

 කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

 නිවන් පුර නුබ යන්න කලියෙන් එක් වරක් මගෙ පුතා වෙනවාද

නිවන් පුර නුබ යන්න කලියෙන් එක් වරක් මගෙ පුතා වෙනවාද

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ