
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි බවට සැකපිට ශ්‍රී ලාංකීක ධීවරයින් 06 දෙනෙකු සහිත තවත් ධීවර බෝට්ටුවක් අත්අඩංගුවටගෙන තිබේ.
ඒ ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වූ දකුණු මුහුදු තීරයේදීය.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
මත්ද්‍රව්‍ය ඇති බවට සැක පාර්සල් 15ක් පමණ එහි තිබී හමුවී ඇති බව වාර්තා වේ.
ධීවරයින් සහ බෝටටුව තංගල්ල ධීවර වරායට අද (20) පස්වරුවේ රැගෙන ඒමට නියමිතය.












































