
අමෙරිකාවෙන් එල්ලවී ඇති ඉහළ බදු සහ ආර්ථික පීඩනය හමුවේ චීනය අමෙරිකාවට විරුද්ධව නැගී සිටීම සඳහා පාර්ශ්ව රැස් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය කියයි.
අමෙරිකාවේ නව බදු ප්‍රතිපත්තියට විරුද්ධවීමේ යෝජනාවක් චීනය මීට පෙර ඔස්ට්‍රේලියාවට ද ඉදිරිපත් කර තිබූ අතර ඔස්ට්‍රේලියාව එය ප්‍රතික්ෂේප කර තිබුණි.
ඒ අනුව චීනය මෙවර වියට්නාමයට එම යෝජනාව සිදුකර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා අනුව චීනය විසින් ගෝලීය නිදහස් වෙළෙඳ පද්ධතියක් පවත්වා ගැනීම සඳහා අමෙරිකාවෙන් එල්ල වන ඒකපාර්ශ්වික පීඩනයට විරුද්ධ වන ලෙස වියට්නාමයෙන් ඉල්ලා තිබේ.
මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ චීන ජනාධිපතිවරයා අග්නිදිග ආසියානු රටවල් කිහිපයක සිදු කළ සංචාරයකදී බව පැවසෙයි.
එහිදී ඔහු මැලේසියාව සහ කාම්බෝජයට ද පැමිණීමට නියමිත බව වාර්තා වෙයි.



















































