header logo
Vallibel FD
Selan Bank
සයුරෙන් එතෙර
අමෙරිකාව අසරණ කරන ළැව් ගින්න
Jan 09, 202506:03 PM
අමෙරිකාව අසරණ කරන ළැව් ගින්න
Mobitel 1278

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් අවට ඇති වූ ළැව් ගින්න මේ වනවිට හොලිවුඩ් කඳුකර ප්‍රදේශය දක්වා පැතිරී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හොලිවුඩ් කඳුකරයේ ගින්න වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවත්, එය පාලනය කිරීමට ඇති හැකියාව 'ශුන්‍ය' බවත් වාර්තා වේ.

ලොස් ඇන්ජලීස් ඉතිහාසයේ වඩාත් විනාශකාරී ළැව් ගින්න ලෙසින් මෙය සැලකෙන අතර, මේ හේතුවෙන් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් ඇති බවට මේ වනවිට තහවුරු වී ඇත.

මෙම තත්ත්වය ලොස් ඇන්ජලීස්වලට අමතරව අසල්වැසි ප්‍රාන්තවලටද බලපා ඇති අතර, අවම වශයෙන් ළැව් ගිනි පහක් පැතිර යමින් පවතින බව වාර්තා වේ.

කෙසේ නමුත් ඉන් ළැව් ගිනි තුනක් සම්පූර්ණයෙන්ම පාලනය කර නොමැති අතර, මේ හේතුවෙන් 137,000කට වැඩි පිරිසක් ඉවත් කිරීමට බලධාරීන් පියවරගෙන ඇත.

පසුගිය අඟහරුවාදා ඇරඹුණු ළැව් ගින්න මේ වනතුරුම ඇවිලෙන්නේ නොනවතින සුළං ප්‍රවාහයත් සමගින්ය.

ලොස් ඇන්ජලීස් නගරාධිපතිනි කරෙන් බාස් මෙම ළැව් ගින්න හඳුන්වා ඇත්තේ ගිනි කුණාටුවක් ලෙසින්ය.

බලන බලන සෑම තැනකම ගින්න වන අතර, ඒ හේතුවෙන් නගරයට බියජනක ආලෝකයක් එක්කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

සීඝ්‍රයෙන් පැතිරෙන මෙම ළැව් ගින්න පාලනය කිරීමට හෙලිකොප්ටර් මගින් ජලය හෙලීම සිදුවුවත්, දැඩි සුළං නිසා එය මුළුමනින්ම නිවා දැමීමට හැකියාවක් ලැබී නොමැත.

හොලිවුඩ් පුරවරයේ සුප්‍රකට නළු නිළියන් ඇතුළු සිනමා ශිල්පීන්ගේ නිවහන් පිහිටි ප්‍රදේශවලින්ද ඔවුන්ට ඉවත්වන ලෙස ලොස් ඇන්ජලීස්හි ගිනි නිවන දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

සුප්‍රකට ඔස්කාර් සම්මාන උළෙල පැවැත්වෙන ඩොල්බි තියටර් නැත්නම් ඩොල්බි රඟහල පිහිටා තිබෙන්නේ මෙම ප්‍රදේශයේය.

මෙම වසරේ ඔස්කාර් සම්මාන උලෙළේ නාමයෝජනා ඉදිරි සතියේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇති වුවත්, ළැව් ගින්න හේතුවෙන් එය දැනටමත් දින දෙකකින් කල්දමා තිබේ.

ලොස් ඇන්ජලීස් පුරවරයට බටහිර දෙසින් පිහිටි ධනකුවේරයන්ගේ පාරාදීසයක් වූ පැලිසේඩ්ස් ප්‍රදේශයේ නිවාස සියල්ල පාහේ මේ වනවිට ළැව් ගින්නෙන් විනාශයට පත්ව ඇත.

සුප්‍රකට සැන්ටා මොනිකා සහ මලිබු අතර පැතිරුනු පැලිසේඩ්ස් ළැව් ගින්න නතරවී ඇත්තේ පැසිෆික් සාගර වෙරලාසන්නයට පැමිණීමෙන් අනතුරුවය.

මේ හේතුවෙන් පැසිෆික් සාගර වෙරලාසන්නයේ පිහිටි නිවාසද ළැව් ගින්නෙන් වීනාශ වී ඇත.

මෙම ළැව් ගිනි නිසා ඇති වූ මූලික හානිවල ආර්ථික පාඩුව අමෙරිකානු ඩොලර් බිලියන 50ක ඉක්මවන බව වාර්තා වේ.

ගිනි නිවන භටයින් දෙදහසකට ආසන්න සංඛ්‍යාවක් මෙම ලැව් ගිනි නිවීම සඳහා යෙදවුවත් එම සංඛ්‍යාවද ප්‍රමාණවත් නොවන බව වාර්තා වේ.

මේ හේතුවෙන් අවට ප්‍රාන්ත 06කින් කැලිෆෝනියා ප්‍රාන්තය වෙත අතිරේක ගිනි නිවන රථ 250ක් සහ ගිනිනිවන භටයින් දහසක් පමණ රැගෙනවිත් තිබේ.

කැලිෆෝනියා ළැව්ගින්නෙන් නිවාස අහිමිවූ පිරිස් අතර හොලිවුඩ් පුරයේ ප්‍රකට සිනමා ශිල්පීන් සහ ප්‍රකට පුද්ගලයින් රැසක් සිටියි.

බිලී ක්‍රිස්ටල්, පැරිස් සිල්ටන්, ජේම්ස් වුඩ්, ජෙනිෆර් ඇනිස්ටන්, බ්‍රැඩ්ලි කූපර්, ටොම් හෑන්ක්ස්, රීස් විදර්ස්පූන්, ඇඩම් සැන්ට්ලර් සහ මයිකල් කීටන් ද ඒ අතර වෙයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
සලේගේ හෘදය වස්තුවේ ඉදිමීමක් නිසා උපකරණයක් සවිකරලා වෛද්‍ය වාර්තාවෙන් හෙළිවෙයි

සලේගේ හෘදය වස්තුවේ ඉදිමීමක් නිසා උපකරණයක් සවිකරලා වෛද්‍ය වාර්තාවෙන් හෙළිවෙයි

වාද විවාද මැද අවසන් වූ අද පාර්ලිමේන්තු සභාවාරය

වාද විවාද මැද අවසන් වූ අද පාර්ලිමේන්තු සභාවාරය

මෝටර් රථයක පිටුපස යන්න පුළුවන් දෙදෙනෙකුට විතරද?

මෝටර් රථයක පිටුපස යන්න පුළුවන් දෙදෙනෙකුට විතරද?

අනුර කුමාරගේ ආණ්ඩුකරණය සාර්ථකද? - ''සාර්ථකනම් ඡන්දේ තියන්න, එයා ඡන්දෙට බයයි'' | Ada Derana

අනුර කුමාරගේ ආණ්ඩුකරණය සාර්ථකද? - ''සාර්ථකනම් ඡන්දේ තියන්න, එයා ඡන්දෙට බයයි'' | Ada Derana

අන්දමන් දූපත් ආශ්‍රිත මුහුදු ප්‍රදේශයෙන් වහාම ඉවත් වෙන්න ! - බහුදින ධීවර යාත්‍රාවලට උපදෙස්

අන්දමන් දූපත් ආශ්‍රිත මුහුදු ප්‍රදේශයෙන් වහාම ඉවත් වෙන්න ! - බහුදින ධීවර යාත්‍රාවලට උපදෙස්

දුරකථනයෙන් අනෝජන්ට කතා කළ සජිත්

දුරකථනයෙන් අනෝජන්ට කතා කළ සජිත්

 ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්නයක් ගැන සජබයෙන් හෙළිදරව්වක්

ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්නයක් ගැන සජබයෙන් හෙළිදරව්වක්

 බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපයක් - ඉදිරි දින කිහිපයේත් තද වැසිආපදා කළමනාකරණය සීරුවෙන්...

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපයක් - ඉදිරි දින කිහිපයේත් තද වැසිආපදා කළමනාකරණය සීරුවෙන්...

දිස්ත්‍රික්ක 8කට පීඩාකරමින් කැලඹුණු කාලගුණය - පස්බාගේ කෝරලයේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි | Ada Derana

දිස්ත්‍රික්ක 8කට පීඩාකරමින් කැලඹුණු කාලගුණය - පස්බාගේ කෝරලයේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි | Ada Derana

අනෝජන් වෙනුවෙන් එක්වූ වතුකරයේ තරුණයෝ - ''එයාගේ ජීවිතය නැතිකරන්න තරම් වරදක් නෙමෙයි'' | Ada Derana

අනෝජන් වෙනුවෙන් එක්වූ වතුකරයේ තරුණයෝ - ''එයාගේ ජීවිතය නැතිකරන්න තරම් වරදක් නෙමෙයි'' | Ada Derana

මහවැලි ගඟ පිටාර ගැලීමෙන් පවුල් 100කට ආසන්න පිරිසක් අවතැන් | Ada Derana

මහවැලි ගඟ පිටාර ගැලීමෙන් පවුල් 100කට ආසන්න පිරිසක් අවතැන් | Ada Derana

 කඳුකරයට තද වැසි..පොල්ගොල්ල වාන් දමයි

කඳුකරයට තද වැසි..පොල්ගොල්ල වාන් දමයි

 බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්...ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ වැසි...

බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්...ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ වැසි...

 දිට්වා යළි සිහිකළ හැටන් පස් කඳු කඩා වැටීම වාහන ධාවනය සම්පූර්ණයෙන්ම නවතී...

දිට්වා යළි සිහිකළ හැටන් පස් කඳු කඩා වැටීම වාහන ධාවනය සම්පූර්ණයෙන්ම නවතී...

 අම්පාරේ අලිමංකඩ භූමියක මහා පරිමාණ වී මෝලක්?

අම්පාරේ අලිමංකඩ භූමියක මහා පරිමාණ වී මෝලක්?

Lassana Flora
Spotlight
බොක්ක අන්දමන්ද වී වැස්ස තදවෙයි | Ada Derana

බොක්ක අන්දමන්ද වී වැස්ස තදවෙයි | Ada Derana

22 ගැන අධිකරණයේ මතය - කථානායක අද කියයි | Ada Derana

22 ගැන අධිකරණයේ මතය - කථානායක අද කියයි | Ada Derana

පාස්කු මහ නඩුවේ තීන්දුව අදයි | Ada Derana

පාස්කු මහ නඩුවේ තීන්දුව අදයි | Ada Derana

පළාත් ඡන්දවලට රජයේ අවධානය - උතුරු - නැගෙනහිර ඡන්ද මුලින්ම ? | Ada Derana

පළාත් ඡන්දවලට රජයේ අවධානය - උතුරු - නැගෙනහිර ඡන්ද මුලින්ම ? | Ada Derana

අන්තර්ජාලයේ වැඩිපුරම රවුම් ගහන්නේ  | Ada Derana

අන්තර්ජාලයේ වැඩිපුරම රවුම් ගහන්නේ | Ada Derana

නාමල්ගේ සෙත් පින්කමට මාතර බෝධි පරිශ්‍රය නෑ | Ada Derana

නාමල්ගේ සෙත් පින්කමට මාතර බෝධි පරිශ්‍රය නෑ | Ada Derana

අධ්‍යාපන සුදුසුකම් ඉහළ වුවත් විරැකියාව වැඩිම ආසියාතික රට ලංකාව | Ada Derana

අධ්‍යාපන සුදුසුකම් ඉහළ වුවත් විරැකියාව වැඩිම ආසියාතික රට ලංකාව | Ada Derana

වෙලාවට උසාවි ඇවිත් නෑ..විමල්ට වරෙන්තු - ''වාහනය කැඩුණා ඒකයි පමා වුණේ'' | Ada Derana

වෙලාවට උසාවි ඇවිත් නෑ..විමල්ට වරෙන්තු - ''වාහනය කැඩුණා ඒකයි පමා වුණේ'' | Ada Derana

විදෙස් සමාගම් තුනේ ඉන්ධන ගැටලුව රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට

විදෙස් සමාගම් තුනේ ඉන්ධන ගැටලුව රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට

ශිරන්ති ගැන විමර්ශන තීරණාත්මක තැනක

ශිරන්ති ගැන විමර්ශන තීරණාත්මක තැනක

හිරේදී ලොක්කන්ට විශේෂයක් නෑ

හිරේදී ලොක්කන්ට විශේෂයක් නෑ

නාමල් යළි රිමාන්ඩ්... ඇප තීන්දුව 29දා

නාමල් යළි රිමාන්ඩ්... ඇප තීන්දුව 29දා

 සතියෙම හුටපට

සතියෙම හුටපට

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

ශිරාන් බාසික්ගේ සල්ලිවලින් ටියුෂන් මාස්ටර් නමින් සුපිරි නිවසක් මිලදී අරන්

ශිරාන් බාසික්ගේ සල්ලිවලින් ටියුෂන් මාස්ටර් නමින් සුපිරි නිවසක් මිලදී අරන්