
වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක් තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලීසිය පවසයි.
මෙසේ රෝහල් ගත කර ඇත්තේ, මාතර වැලිගම ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි කාන්තාවකි.
තුවාල ලැබූ කාන්තාවගේ සැමියා ඔහුගේ අනියම් බිරිඳ සමග එම තෙමහල් ගොඩනැගිල්ලේ ඉහළම මහලේ මාස තුනක පමණ සිට පදිංචිව සිට ඇත.
මීට දින දෙකකට පෙර සැමියා තුවාල ලැබු කාන්තාව බලහත්කාරයෙන් නිවසේ රඳවාගෙන සිට ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය පැවසීය.
රෝහල් ගතකර ඇති කාන්තාව රෙදි පටිවලින් සැකසූ ආධාරයකින් ජනේලයෙන් පැන පහළට බැසීමට උත්සාහ කිරීමේදී ඇද වැටී ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
තුවාල ලැබූ කාන්තාව කළුතර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
සැකකාර සැමියා සහ ඔහුගේ අනියම් බිරිඳ අත්අඩංගුවට ගෙන ඇති අතර, කළුතර උතුර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වයි.



















































