header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ට්‍රම්ප් ඝාතන සැලසුම්කරු ආරුගම්බේ සිද්ධියටත් සම්බන්ධ බවට තොරතුරු
Nov 09, 202404:46 PM
ට්‍රම්ප් ඝාතන සැලසුම්කරු ආරුගම්බේ සිද්ධියටත් සම්බන්ධ බවට තොරතුරු
Mobitel 1278

අමෙරිකාවේ නව ජනාධිපති ලෙස දිවුරුම් දීමට නියමිත ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට සැලසුම් කළ ෆර්හාද් ශකේරි නම් පුද්ගලයා ශ්‍රී ලංකාවේදී ඊශ්‍රායල් ජාතිකයින් ඝාතනය කිරීමට ද සැලසුම් කර ඇති බව අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව අද (09) නිවේදනය කළේය.

ඒ, කාර්ලිස්ල් රිවේරා නමැති 49 හැවිරිදි පුද්ගලයෙකු නිව්යොර්ක් නුවර බෘෘක්ලින් හිදී සහ ජොනත් ලෝඩ්හෝල්ට නම් 36 හැවිරිදි පුද්ගලයෙකු නිව්යෝර්ක් හි ස්ටැටන් දූපතේදී අත්අඩංගුවට ගැනීමත් සමඟය.

අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයින් දෙදෙනා විසින් මෙම තොරතුරු අනාවරණ කර ඇති බව එම නිවේදනයේ දැක්වෙන බව සඳහන් ය.

කෙසේ වෙතත්, ජනපති ට්‍රම්ප් සහ ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල් ජාතිකයින්ට ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර ඇති 51 හැවිරිදි ඉරාන ජාතික ෆර්හාද් ශකේරි නමැති පුද්ගලයා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර අමෙරිකාව විශ්වාසය පළකරන්නේ ඔහු මේ වන විට ඉරානයේ රැඳී සිටින බවය.

කෙසේ වෙතත් ඔවුන් තිදෙනාටම එරෙහිව මේ වන විට එරට අධිකරණය හමුවේ අපරාධ චෝදනා ගොනුකර තිබේ.

අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ට්‍රම්ප් ජනාධිපතිවරණය පරාජය වනු ඇතැයි කුමන්ත්‍රණකරුවන්ගේ විශ්වාසය වී ඇති බවත් මැතිවරණයෙන් පසුව ඔහු වෙඩි තබා ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බවය.

ඒ ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ නියෝජිතයෙකුගේ මෙහෙයවීමෙනි.

අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ව ඇත්තේ නිව් යෝර්ක් නුවර වාසය කරන යුදෙව් අමෙරිකානු ජාතිකයින් දෙදෙනකු ඉලක්ක කරන ලෙසට ශකේරිට උපදෙස් ලැබී ඇති අතර එක් අයෙකුට ඩොලර් ලක්ෂ 5 බැගින් වූ මුදලක් ලබාදෙන බවට ඉරාන විප්ලවීය ආරක්ෂක බළකාය පොරොන්දු වී ඇති බවය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඊශ්‍රායල ජාතිකයින් ඉලක්ක කිරීමත් ශකේරී වෙත පැවරී තිබූ බව අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වී තිබේ.

සරණාගතයෙකු ලෙස කුඩා වියේදීම අමෙරිකාවට පැමිණ ඇති ශකේරී 2008 දී අමෙරිකාවෙන් පිටුවහල් කර ඇත්තේ සොරකමක් සම්බන්ධයෙන් වසර 14ක සිරදඩුවම් කාලයකින් පසුවය.

අමරිකානු අධිකරණය දෙපාර්තමේන්තුව අද නිකුත් කළ මාධ්‍ය නිවේදනය උපුටා දක්වමින් බී.බී.සී., අල්ජසීරා ඇතුළු ලොව ප්‍රධාන පෙළේ ප්‍රවෘත්ති ආයතන මෙම පුවත කෙරෙයි අවදානය යොමුකර තිබේ.

ඉන්දියාවේ එන්.ඩී.ටී.වී. නාලිකාව වාර්තා කළේ, ට්‍රම්ප් ඝාතනය සැලසුමේ චෝදනා එල්ල වී ඇති ඉරාන ජාතික ශකේරී නමැති පුද්ගලයා 2019 වසරේදී ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගෙන තිබූ බවය.

හොරොයින් තොගයක් සමග අත්අඩංගුවට ගෙන පසුව ඔහු නිදහස් කර ඇති බවද එන්.ඩී.ටී.වී. නාලිකාව වාර්තා කළේය.

මේ වනවිට ශකේරි ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය වෙනුවෙන් ඝාතන සිදුකිරීම, මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම ඇතුළු අපරාධ සිදුකරන්නේ අමෙරිකාවේ දී සිරගතව සිටි කාලයේ දී ඇති කරගත් අපරාධ ජාලය භාවිතයෙන් බව සඳහන් වෙයි.

කෙසේ වුවද ට්‍රම්ප් ඝාතන කුමන්ත්‍රණය පිටුපස ඉරානය සිටින බවට එල්ලවන චෝදනා පිළිබඳව ඉරානය මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 රට පොලිස් රාජ්‍යයක් කරා ගමන්කිරීමේ අවදානමක් ගැන නීතිඥ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

රට පොලිස් රාජ්‍යයක් කරා ගමන්කිරීමේ අවදානමක් ගැන නීතිඥ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

ගෝඨාභයට එරෙහි පාස්කු විමර්ශන ප්‍රබල තත්ත්වයක... CIDය සලේට හොඳින් සලකන බවට අධිකරණයේ දී හෙළිවෙයි...

ගෝඨාභයට එරෙහි පාස්කු විමර්ශන ප්‍රබල තත්ත්වයක... CIDය සලේට හොඳින් සලකන බවට අධිකරණයේ දී හෙළිවෙයි...

 "තිරිගු පිටි මිල රු.13කින් වැඩි කරලා" පාරිභෝගික අධිකාරියේ සභාපති මවිත වෙලා..

"තිරිගු පිටි මිල රු.13කින් වැඩි කරලා" පාරිභෝගික අධිකාරියේ සභාපති මවිත වෙලා..

ඥානසාර හිමි වෙනුවෙන් සටන අත්නොහරින හිමිවරු...සත්‍යග්‍රහ තවදුරටත්

ඥානසාර හිමි වෙනුවෙන් සටන අත්නොහරින හිමිවරු...සත්‍යග්‍රහ තවදුරටත්

 ෂෝටීස් සහ පරාටා මිලත් ඉහළට

ෂෝටීස් සහ පරාටා මිලත් ඉහළට

 කාවන්තිස්සට වුණු අසාධාරණය ගැන සොයන්න සජිත් ඇතුළු පිරිස සටනට බසී

කාවන්තිස්සට වුණු අසාධාරණය ගැන සොයන්න සජිත් ඇතුළු පිරිස සටනට බසී

 “රජය තාම අපේ වෙලා නෑ...තාම පිස්සු කෙළිනවා රජය අසමත් එක්තරා ආකාරයකට”

“රජය තාම අපේ වෙලා නෑ...තාම පිස්සු කෙළිනවා රජය අසමත් එක්තරා ආකාරයකට”

 තනුක කරලා දෙරණ ගහන ගැහිල්ල ගැන ලාල් ප්‍රසිද්ධියේම කිව්ව කතාව...

තනුක කරලා දෙරණ ගහන ගැහිල්ල ගැන ලාල් ප්‍රසිද්ධියේම කිව්ව කතාව...

මොරටුව වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය පිළියන්දලදී කාර්මික දෝෂයකට ලක්වෙයි

මොරටුව වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය පිළියන්දලදී කාර්මික දෝෂයකට ලක්වෙයි

මොරටුව, සොයිසාපුර රත්කළ වෙඩිල්ල... නවතම දර්ශන

මොරටුව, සොයිසාපුර රත්කළ වෙඩිල්ල... නවතම දර්ශන

අධි අවදානම් අලි ඇතුන් 13ක් ගැන වයිල්ඩ් ටස්කර් සංවිධානයෙන් හෙළිදරව්වක්

අධි අවදානම් අලි ඇතුන් 13ක් ගැන වයිල්ඩ් ටස්කර් සංවිධානයෙන් හෙළිදරව්වක්

තවමත් හදවත් කකියන කාවන්තිස්ස හස්තියාගේ මරණය

තවමත් හදවත් කකියන කාවන්තිස්ස හස්තියාගේ මරණය

ආණ්ඩුවේ මර්දනය ගැන සැරට කිව්ව දිලිත්

ආණ්ඩුවේ මර්දනය ගැන සැරට කිව්ව දිලිත්

පැය 2කට පසු අල්ලස් කොමිසමෙන් එළියට ආ ජී.එල් - එන්න කියපු හේතුව හෙළිකරයි

පැය 2කට පසු අල්ලස් කොමිසමෙන් එළියට ආ ජී.එල් - එන්න කියපු හේතුව හෙළිකරයි

 “වලානෙන් කියලා 15ක් විතර ආවා...කාවන්තිස්සට වෙඩිතිබ්බා කියලා වැරැද්ද පිළිගන්න ඕනේ කිව්වා”

“වලානෙන් කියලා 15ක් විතර ආවා...කාවන්තිස්සට වෙඩිතිබ්බා කියලා වැරැද්ද පිළිගන්න ඕනේ කිව්වා”

Lassana Flora
Spotlight
ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්

ගල්අඟුරු කොමිසමේ කාලය තවත් දික්කරයි

ගල්අඟුරු කොමිසමේ කාලය තවත් දික්කරයි

නොරොච්චෝලේ ජනන යන්ත්‍ර බිඳවැටීම ගැන අභ්‍යන්තර පරීක්ෂණයක්

නොරොච්චෝලේ ජනන යන්ත්‍ර බිඳවැටීම ගැන අභ්‍යන්තර පරීක්ෂණයක්

නව ත්‍රස්ත පනතින් අධිකරණ බලය විධායකයට පවරලා...

නව ත්‍රස්ත පනතින් අධිකරණ බලය විධායකයට පවරලා...

වෙස් මාරු කර යළිත් එන්නේ පරණ ත්‍රස්ත පනතම ද ?

වෙස් මාරු කර යළිත් එන්නේ පරණ ත්‍රස්ත පනතම ද ?

ගැටඹේ මහ නාහිමිගේ දේහයට ගෞරව දක්වන්න මහ පිරිසක් - අවසන් කටයුතු හෙට පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

ගැටඹේ මහ නාහිමිගේ දේහයට ගෞරව දක්වන්න මහ පිරිසක් - අවසන් කටයුතු හෙට පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

පිළිගැනීමක් හෝ ආරක්ෂාවක් දී නෑ - තායි නියෝජ්‍ය අගමැතිනියට ලංකාවේදී කුඩම්මාගේ සැලකිලි

පිළිගැනීමක් හෝ ආරක්ෂාවක් දී නෑ - තායි නියෝජ්‍ය අගමැතිනියට ලංකාවේදී කුඩම්මාගේ සැලකිලි

 හජ් වන්දනා පනත ගෙන ඒමට හැකිවීම විශාල ජයක් - බුද්ධ ශාසන ඇමති

හජ් වන්දනා පනත ගෙන ඒමට හැකිවීම විශාල ජයක් - බුද්ධ ශාසන ඇමති

අධිවේගයේ ආසන පටි නීතිය කැඩූ 5,200කට දඩ

අධිවේගයේ ආසන පටි නීතිය කැඩූ 5,200කට දඩ

දින තුනක් පැය බැගින් විදුලි කප්පාදුවක් - රටම කලාප 4කට බෙදයි

දින තුනක් පැය බැගින් විදුලි කප්පාදුවක් - රටම කලාප 4කට බෙදයි

සැමියා රටගිය බිරින්දෑවරුන්ට ආතතිය

සැමියා රටගිය බිරින්දෑවරුන්ට ආතතිය

2024-2026 අවුරුදු 2දී සූර්ය පැනල විදුලි ධාරිතාව දෙගුණයකින් ඉහළට

2024-2026 අවුරුදු 2දී සූර්ය පැනල විදුලි ධාරිතාව දෙගුණයකින් ඉහළට

රට පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම | "මෙහෙම නම් ඇමතිවරයෙක් ඉඳලා වැඩක් නෑ"

රට පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම | "මෙහෙම නම් ඇමතිවරයෙක් ඉඳලා වැඩක් නෑ"

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana