මිතුරාගේ නිවසේ නිදාසිටි අවින්ත ට අත්වූ අවාසනාවන්ත ඉරණම
November 29, 2023 12:50 pm
තරුණ පිරිසක් සමඟ මිතුරකුගේ නිවසක කාමරයක නිදාගෙන සිටියදී වනඅලියෙකු එම නිවසේ බිත්තියක් පෙරළා දැමීමෙන් එයට යටවූ 19 හැවිරිදි තරුණයෙක් මිගොස් තිබේ.
ඊයේ එම සිද්ධිය වාර්තා වී තිබුණේ සීගිරිය, කිඹිස්ස ප්‍රදේශයෙනි.
එසේ මියගොස් ඇත්තේ අවින්ත ඉශාන් සමරනායක නමැති තරුණයෙකි.
ඔහු සීගිරිය ප්‍රදේශ්යේ සංචාරක හෝටලයක හෝටල් පාඨමාලාවක් හදාරමින් සිටි අයෙක් බව අද දෙරණ වාර්තාකරු පැවසීය.
එම තරුණයා මිතුරන් පිරිසක් සමඟ නිවසට නොදන්වා නිවස ආසනසන්නයේ තවත් මිතුරෙකුගේ නිවසට පැමිණ රාත්‍රී නිදාගෙන සිට ඇත.
වී ආහාරයට ගැනීම සඳහා පැමිණි වනඅලියෙකු එම වී ආහාරයට ගෙන එම තරුණ පිරිස නිදාගෙන සිටි කාමරයේ බිත්තියට පහරදී ඇතැයි පොලීසිය පවසයි.
එසේ පහර දීමත් සමග ඇඳ මත නිදාගෙන සිටි තරුණයන් මතට බිත්තියේ ගල් කැබලි පෙරළී ගොස් ඇති අතර එහිදී එම තරුණයා බරපතළ තුවාල ලබා තිබුණි.
පසුව ඔහුව ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව සීගිරිය ග්‍රාමීය රෝහලට රැගෙන යන අවස්ථාවේදී එම තරුණයා මියගොස් ඇත.
