තවත් ජනපති සටනක්

තවත් ජනපති සටනක්

April 11, 2023   12:11 pm

2024 ජනාධිපතිවරණය සඳහා තමන් ද ඉදිරිපත් වන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඉඟි කර තිබේ.

NBC නාලිකාව වෙත සාකච්ඡාවක් ලබාදෙමින් බයිඩන් පැවැසුවේ මැතිවරණයට ඉදිරිපත්වීමේ සැලසුමක් ඇතත් ඒ පිළිබඳව දැනට කරුණු අනාවරණ නොකරන බවය.

80 වැනි වියේ පසුවන ජනාධිපති බයිඩන්, අමෙරිකාවේ වයස්ගතම ජනාධිපතිවරයා ලෙස සැලකෙයි.

ඩිමොක්‍රටික් පක්ෂය තුළ බයිඩන්ට එරෙහිව වෙනත් අපේක්ෂකයෙකු ද ඉදිරිපත් වී නොමැති බව වාර්තා වේ.

කෙසේ වෙතත්  හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැනටමත් පවසා ඇත්තේ 2024 ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකත්වයට තමන් ඉදිරිපත් වන බවය.