ජීවිත 14ක් සමග ප්‍රපාතයට ගිය ලොරිය -CCTV
March 5, 2023 02:25 pm
නුවරඑළිය, ලබුකැලේ තේ කර්මාන්ත ශාලාවක් අසලදී ලොරි රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 14දෙනෙකු තුවාල ලබා තිබේ.
පොලීසිය ප්‍රකාශ කළේ අද (05) පෙරවරුවේ ලබුකැලේ ප්‍රදේශයේ පිහිටි එළවළු ගොවිපොළකින් එළවළු ප්‍රවාහනය කරමින් තිබිය දී එම අනතුර සිදුව ඇති බවය.
එහිදී නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය වෙත එළවළු රැගෙන ඒමට ගිය කම්කරුවන් පිරිසක්ද එම අනතුරින් තුවාල ලබා තිබේ.
අනතුරෙන් තුවාල ලැබු 5දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත වාර්තා වෙයි.
එම ලොර රථය අධික වේගයෙන් ධාවනය කර ඇති ලොරි රථයේ වේගය පාලනය කිරීම සඳහා රියදුරු තිරිංග ක්‍රියාත්මක කිරීමේදී ලොරි රථය රියදුරුගේ පාලනයෙන් මිදී ගොස් ප්‍රපාතයට පෙරළී අනතුර සිදුව ඇත.
අනතුරෙන් තුවාල ලැබු පිරිස කොත්මලේ පොලීසියේ නිලධාරින් සහ ලබුකැලේ ප්‍රදේශවාසින් එක්ව රෝහල් ගත කර තිබේ.
ලොරි රථය අනතුරට පත් වන අවස්තාවේ ලොරි රථයේ 15දෙනෙකු ගමන් කර ඇති බවත්, ඉන් එක් අයෙකු ලොරි රථය පෙරළෙන අවස්ථාවේ ඉන් බිමට පැන බේරී ඇති බවත් පොලිසිය පැවසීය.
ලොරි රථය අනතුරට පත් වන අයුරු වෙළෙඳසැලක සවි කර තිබු ආරක්ෂිත කැමරාවකද සටහන්ව තිබුණි.