
යුරෝපා කවුන්සිලයේ සභාපති ඇන්තෝනියෝ කොස්ටා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර දුරකථන සංවාදයක් පවත්වා තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, සබඳතා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර ඇති බවය.
නව උපායමාර්ගික න්‍යාය පත්‍රයක නිරත වීමට කාලය එළඹ ඇති බව යුරෝපා කවුන්සිලයේ සභාපති ඉන්දීය අගමැති හමුවේ පවසා ඇති බවද වාර්තා වෙයි.
ඉන්දියාව යුරෝපා සංගමයේ ප්‍රධාන ගෝලීය හවුල්කරුවෙකු වෙයි.
එමෙන්ම ආරක්‍ෂාව, ජාත්‍යන්තර නීතිය සහ යුරෝපයේ මෙන්ම ආසියාවේ භූ දේශපාලනික අභියෝගවලට මුහුණ දීමේ දී සහයෝගීව ක්‍රියා කිරීමේ ක්‍රම කෙරෙහි ද දෙපාර්ශ්වයේ අවධානය යොමුකර ඇත.



















































