සයුරෙන් එතෙර
ඊශ්‍රායල - හිස්බුල්ලා සටන් විරාමය ඇරඹෙයි
November 27, 2024 09:11 am
ඊශ්‍රායලය සහ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය අතර සටන් විරාමය ක්‍රියාත්මක වන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් තහවුරු කර තිබේ.
කෙසේ වෙතත් විදෙස් වාර්තා සඳහන් කළේ, අද (27) උදෑසන බේරූට්හි ගුවන් ප්‍රහාර වාර්තා වී ඇති බවය.
එමෙන්ම සටන් විරාමයට පැය කිහිපයකට පෙරද දේශසීමා හරහා වෙඩිතැබීම් කිහිපයක් ද වාර්තා වී ඇති බව සඳහන්ය.
හිස්බුල්ලා සංවිධානය පවසන්නේ අඟහරුවාදා රාත්‍රියේ ඊශ්‍රායලය දෙසට ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බවයි.
එසේම ඊශ්‍රායලය ද බේරූට්හි දකුණු තදාසන්න ප්‍රදේශවලට ගුවන් ප්‍රහාර එල්ල කර තිබුණි.
දෙපාර්ශ්වය අතර මාස 13ක් පුරා සටන් පැවතුනි.
මේ අතර දකුණු ලෙබනනයේ සිය නිවාස අත්හැර ගොස් සිටි විශාල පිරිසක් සිය ගම්බිම් වලට පැමිණෙන අතර ඊශ්‍රායලය අනතුරු අඟවා ඇත්තේ එසේ පැමිණීම අනතුරුදායක බවයි.