
පාකිස්තානයේ කයිබර් හි ආරක්ෂක මුරපොළවල් දෙකක් ඉලක්ක කර එල්ලවූ ත්‍රස්ත ප්‍රහාර දෙකකින් නිලධාරීන් 7 දෙනෙකු මියගොස් තිබේ.
වසිරිස්තාන් දිස්ත්‍රික්කයේ ආරක්ෂක මුරපොළක් වෙත පළමු ප්‍රහාරය එල්ලවී ඇති අතර එහිදී නිලධාරීන් 5 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අනතුරුව තවත් ආරක්ෂක මුරපොළකට ප්‍රහාරයක් එල්ල වී ඇති අතර එහිදී නිලධාරීන් දෙදෙනෙකු මියගොස් ඇති බව සඳහන් ය.
ආරක්ෂක නිලධාරීන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා ගුවන් මඟින් රෝහල් වෙත යොමුකර තිබේ.
ප්‍රහාර එල්ල වූ ප්‍රදේශයේ විශේෂ හමුදා මෙහෙයුමක් ආරම්භ කිරීමට පාකිස්තාන ආරක්ෂක අංශ පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.



















































