
නෝටන්බ්‍රිජ් ප්‍රදේශයට ඊයේ (08) පස්වරුවේ ඇදහැලුණ අධික වර්ෂාව හේතුවෙන් විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීමට පටන් ගෙන ඇත. එම ජලාශය වාන් දැමීමත් සමඟ කැලණිගඟට ජලය ගලා බසිනා කෙසෙල්ගමු ඔයේ සහ කැලණි ගඟේ ද ජලමට්ටම ඉහළ ගොස් ඇති බව නෝටන්බ්‍රිජ් පොලීසිය පවසයි. මේ අතර, පවතින වර්ෂාවත් සමඟ කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටමද පිටාර මට්ටමට ආසන්න වී ඇති බවත්, කාසල්රි ජලාශය පිටාර මට්ටමට අඩි 4ක් සහ මාවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටමට අඩි 4 අඟල් 2ක් දක්වා ආසන්න වී ඇති බවත් එම ජලාශභාර ඉංජිනේරුවන් සඳහන් කළේය. ජායාරූප - රංජිත්









