
පොළොන්නරුව දිස්ත්‍රික්කයට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වන උද්‍යානවල වෙසෙන වනඅලින්ද ආහාර හා ජලය සපයා ගැනීමට නොහැකිව දැඩි පීඩාවකට පත්ව සිටිති. එවන් තත්ත්වයක් මත මින්නේරිය ජාතික වන උද්‍යානයේ වෙසෙන වනඅලි රංචුවක් තම දිය පිපාසය සංසිඳුවා ගැනීම හා විඩාව නිවා ගැනීම සඳහා මින්නේරිය වැව් ජලයට බැස කටයුතු කරනු ලබන අයුරු අප වාර්තාකරුගේ කැමරාවේ මෙලෙස සටහන්ව තිබුණි.









